Someone POV
මෙයයි ඔවුන්ගේ දෛවය... ආත්මගත සහකරුවන් වුවත් මේ ආත්මයේ එක්විය හැකිවේවිද... කුමක් වුවත් එයයි දෛවය...
පන්සලේ ප්‍රධාන පූජකවරයා එසේ සිතමින් නැවතත් තමන් කරමින් සිටි වතාවත් වලට සිත යොමු කලේ යම් දෙයක් දැනගෙන සිටියත් ඒ වෙනුවෙන් තමා හට කිරීමට කිසිවක් නැති බැවින්.
.
.
.
.
.
මේ වනවිට ටේහ්‍යුන්ග් මෙන්ම ජන්කුක් රජුද පන්සලට පැමින සති දෙකක් ගෙවී අවසන්ව තිබුනේ.දෙදෙනාම වෙන් වෙන්ව තම පිලිවෙත් වල යෙදෙමින් කාලය ගත කරමින් සිටියා. නමුත් ඔවුන් දෙදෙනාම නොදන්නා කාරනා දෙකක් තිබුනා.
ජන්කුක් රජු සෑම දිනකම ටේහ්‍යුන්ග් ඔහුගේ පිලිවෙත් අවසන් කර යන ආකාරය දෙස බලා සිටීමට පුරුදු ව සිටියේ ඔහුගේ පිලිවෙත් සිදු කිරීම කලින්ම අවසන් වන බැවින්. නමුත් එය ටේහ්‍යුන්ග් දැන නොසිටියේ ජන්කුක් රජු ටේහ්‍යුන්ග් ට නොදැනෙන ලෙස එසේ කිරීමට කටයුතු කල බැවින්.ඒ සඳහා ජන්කුක් රජු ඔහුගේ පාලකවරයාගේ සහය ලබාගත්තත්,පාලකවරයා රජුගේ මේ හැසිරීම පිලිබඳ වදවෙමින් සිටියේ ටේහ්‍යුන්ග් සතුරු රාජධානියක කුමාරයෙක් වූ බැවින් මින් අනවශ්‍ය කරදරයක් ඇති වෙයි යැයි සිතූ නිසා.
අනෙක් අතට ටේහ්‍යුන්ග් සිටියේ එන්න එන්නම ශරීර ශක්තියෙන් දුර්වල වෙමින්.මෙය සඟවා සිටීම කොතරම් අපහසුදැයි ඔහු දැන සිටියා. ඒ නිසාම ඔහු ජන්කුක් ඉදිරියට නොයාමට තීරණය කලේ ඉන් මෙය පාලනය කල නොහැකි තරම් වැඩි වේ යැයි සිතු නිසා.ඔහු ඒ නිසාම බොහෝ වෙලාවක් පිලිවෙත් වල යෙදෙමින් ම සිටියේ එවිට ජන්කුක් රජු පිලිවෙත් අවසන් කර යන බව දන්නා බැවින්.ටේහ්‍යුන්ග් දහවල් කාලයේ කෙසේ හෝ තම සිත පාලනය කරගනිමින් ජන්කුක් රජු ගැන සිතීම අඩු කරමින් සිටියත් ඔහු තම කුටියට පැමිණි පසු තම සිතුවිලි නිදහසේ ගලායාමට ඉඩ දුන්නෙ එහි අතුරු විපාක දැන දැනමයි.
කෙසේ හෝ මෙය අනෙක් සියල්ලන්ගෙන් සැඟවීමට ටේහ්‍යුන්ග් සමත් වුවත් මීට සතියකට පෙර එය කෙනෙක් ඉදිරියේ හෙලි වූයේ ටේහ්‍යුන්ග් නොසිතූ පරිද්දෙන්.
සතියකට පෙර......
ටේහ්‍යුන්ග් සිටියේ තම පිලිවෙත් අවසන් කර තම කුටියට පැමිනෙමින් සිටියෙ.
කුමරුනි...
අනේ හියුන්ග්.. මා පවසා තිබෙනවනෙ මට ටේහ්‍යුන්ග් කියන්න කියලා... අනික මෙතන වෙන කවුරුත් නැහැනෙ...
එසේ වුවත් මා ඔබේ සොහොයුරෙක් නොවේ... ඔබ එසේ සිතන්නෙත් නැහැ නේද....
කුමක්ද... කුමක්ද... ඔබ මේ පවසන්නෙ...
ටේහ්‍යුන්ග් කතා කලේ බිඳුනු හඬකින්.ඔහුට වැටහුනා යුන්ගි මෙසේ පවසන්න හේතුව.යුන්ගි සිටියෙ හිස් බැල්මකින් ටේහ්‍යුන්ග් දෙස බලාගෙන.ටික වෙලාවකින් යුන්ගි නැවත කතා කලේ ටේහ්‍යුන්ග් කිසිවක් නොපවසමින් එතනින් යාමට සැරසුන හෙයින්.
ඇයි ටේහ්‍යුන්ග්... කුමරුනි... එය මගෙන් සැඟවූයේ...
මා හට විකල්පයක් නොතිබූ නිසා...
ටේහ්‍යුන්ග් පැවසූයේ යුන්ගි දෙස නොබලා ඔහුගේ දෑස් මඟ අරිමින්.
කුමක්ද ඔබ පවසන්නෙ කුමරුනි... මා හට පවසන්න කවුද ඔහු... ඔබ පැවසුවා ඔබට හැඟීම් ඇති වෙන්නෙ පුරුෂයන් හට කියලා... කුමක්ද ගැටලුව.. එයට රජතුමාගෙනුත් අවසර ලැබුනා නොවේද...
හ්ම්ම්... එය සත්‍ය නමුත් ඔහුට මා හට ප්‍රේම කල නොහැකි... අපට කිසි දා එක් විය නොහැකියි...
කුමක්ද හේතුව... මා හට පවසන්න කුමරුනි... මෙය කොපමණ කල්ද... මා පෙර දින ඔබේ කුටිය අසලින් යන විට දුටුවා ඔබ මින් කොපමණ වේදනා විදිනවද යන බව...මා එවෙලෙ නොපැමිණියේ ඉන් ඔබ අපහසුතාවයට ලක් වෙයි යැයි සිතා....
හ්ම්ම්.... මා පවසන්නම් එය... නමුත් එයට පෙර ඔබ මට පොරොන්දුවක් විය යුතුයි...
පොරොන්දුවක්..... කුමක් ඒ.....
.
.
.
.
.
Bye 🙂💜️ .
~ Thank You For Reading ~
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Viễn tưởng~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...