❀ CHAPTER 07 ❀

477 127 18
                                    

Yoongi POV

ටේහ්‍යුන්ග් කුමරුනි... කුමක් නිසාද ඔබ මගෙන් එවැනි පොරොන්දුවක් ලබාගත්තේ....කෙසේවුවත් ඔබට මෙසේ මියයාමට දී මා හට කිසිවක් නොකර බලා සිටිය නොහැකියි... ජන්කුක් රජු.... ඔහු ගැන මා අසා තිබෙන ආකාරයට නම් ඔහු කරුණාවන්ත පුද්ගලයෙක්....

යුන්ගි කල්පනා කරමින් සිටියේ.එවිටම ඔහුට ඇසුනෙ කෙනෙකුගේ කටහඬක්.

රජතුමනි.... අදත්...

හ්ම්ම්... මට වැටහෙන්නෙ නැහැ මීට හේතුවක්... නමුත් ඔහු දෙස බලා සිටීමත් මට සතුටක් ගෙන දෙනවා...

යුන්ගි හට ඒ ජන්කුක් රජුගේ කටහඬ බව වැටහී ගියත්, ඔහුට අන් අයගේ කතා අසා සිටීමට වුවමනාවක් නොතිබූ බැවින් එතනින් පිටව එන්න සැරසුනත් ඊලඟට ඇසුනු දෙය නිසා ඔහු මඳකට එහිම නැවතී ඔවුන්ට සවන් දුන්නා.

නමුත් ඔහු අපගේ සතුරු රාජධානියේ කුමරෙක්....

Yoongi POV

කුමක්ද එහි තේරුම ජන්කුක් රජු ටේහ්‍යුන්ග් කුමරු පිලිබඳ දන්නවද.... ඔහු කුමක්ද ටේහ්‍යුන්ග් කුමරු පිලිබඳ සිතන්නේ... කුමක් වුවත් මේ පිලිබඳ සොයා බැලිය යුතුයි..

එසේ සිතූ යුන්ගි තව දුරටත් එහිම රැඳී සිටියේ ඔහු එතැන සිටින බව ඔවුන්ට නොදැනෙන අයුරින්.

මා එය නිවැරැදි කරනවා... අප සතුරන් වූයේ පරම්පරා ගානකට පෙර... ඇයි තවදුරටත් අපි මෙසේ සතුරුකම් පවත්වාගෙන යන්නේ....

එසේ පැවසූ ජන්කුක් රජු නැවතත් ගමන් කලේ එම පන්සලට අයත්ව තිබූ උද්‍යානය වෙතට.

එය අසා සිටි යුන්ගිට වැටහුනේ ජන්කුක් රජු ටේහ්‍යුන්ග් පිලිබඳ කුමක් හෝ හැඟීමක් ඇතිව සිටින බවක්.

Yoongi POV

සත්‍ය වශයෙන්ම ජන්කුක් රජුත් ටේහ්‍යුන්ග් කුමරු ගැන සිතනවානම්.... තව දුරටත් ටේහ්‍යුන්ග් කුමරු මෙසේ වේදනා විඳිය යුතු නැහැ... නමුත් ඔවුන් මෙය එකිනෙකාට පවසාගන්න කල් ගියොත් ඉන් සිදුවන්නෙ ටේහ්‍යුන්ග් කුමරුගේ ජීවිතය අනතුරේ වැටීම... කුමක්ද මා සිදුකල යුතු...

එසේ සිතමින් සිටි යුන්ගි කල්පනාවෙන් මිදුනෙ ටේහ්‍යුන්ග් ගේ හඬින්.

යුන්ගි හියුන්ග්....

කුමරුනි....

ජන්කුක් රජු පිටව ගියාද.....

Yoongi POV

ජන්කුක් රජු සිටින්නෙ උද්‍යානයේ... සෑම දිනකම ඔහුව මඟහරිමින් සිටීමෙන් මෙය විසඳිය නොහැකි... සමාවෙන්න කුමරුනි... මෙය ඔබ වෙනුවෙන්මයි.....

එසේය කුමරුනි.... රජු පිටව ගියා...

හ්ම්ම්.... අපිත් යමු...

කුමරුනි.... ඔබ දිනක් පැවසුවා ඔබ හට අර උද්‍යානයේ ඇවිදීමට අවශ්‍ය බව... අපට දැන් එහි යා හැකිද....

හොඳයි... අපි යමු... හියුන්ග්....

ටේහ්‍යුන්ග් ට යුන්ගි එසේ විමසීම පිලිබඳ පුදුමයක් ඇති වුවත්, තමා ඔහුගෙන් ගත් පොරොන්දුව හේතුවෙන් ඔහු සිටින්නෙ සිත් පීඩාවකින් බැවින් ඔහුටත් සිත සැහැල්ලු කරගැනීමට අවශ්‍ය ඇති බව සිතා ඔහුට එකඟ වූයේය.

.

.

.

ටිකවෙලාවක් ඔවුන් උද්‍යානයේ සක්මන් කරමින් සිටියේ එක්වරම ටේහ්‍යුන්ගේ නෙත ගැටුනේ කුඩා රෝස පැලයක්.ඔහු එය ලඟට ලං වෙනවත් එක්කම එතැනට තවත් පුද්ගලයෙක් පැමිනියේය.ඒ ඔහු ජන්කුක් රජු.ටේහ්‍යුන්ග් ඔහුට ආචාර කර එතැනින් පිටව ඒමට සැරසුනත් ඔහු ටේහ්‍යුන්ග් ව ඇමතූයේ ටේහ්‍යුන්ග්ව එතැනම නවතාගනිමින්.

මඳක් නවතින්න....

ර..ජතු..මනි....

ටේහ්‍යුන්ග් සිටියේ මඳක් බියට පත්වී.. කුමක් වුවත් රාජධානි අතර තිබුනේ සතුරුකම්... එනිසා එසේ බියක් ඇතිවීම සාමාන්‍ය දෙයක්... ඔහු හිස පහලට නවාගෙනම සිටියේ කුමක් සිදුවේදැයි සිතාගත නොහැකිව.

බිය වෙන්න අවශ්‍ය නැහැ.. ටේහ්‍යුන්ග් කුමරුනි...

ටේහ්‍යුන්ග් තම නාමය ඔහුගෙ මුවින් ඇසෙනවාත් සමඟ හිස ඔසවා ඔහු දෙස බලන විට ජන්කුක් රජු මෘදු සිනහවක් ඔහුට පෑවෙන් ටේහ්‍යුන්ග් තුල තිබූ බිය ටිකෙන් ටික වියැකී යන්නට වූයේය.

මා හට ඔබ සමඟ පැවසීමට යමක් තිබෙනවා... අප මඳක් කතා කරමුද කුමරුනි.....

එසේය.... රජතුමනි... පවසන්න.....

ටේහ්‍යුන්ග් එසේ පැවසූයේ ජන්කුක් රජු කුමක් පවසාවිදැයි සිතාගැනීමට නොහැකිව.

🙂❤️.




𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now