පොරොන්දුවක්..... කුමක් ඒ.....
ඔබ මන් රැගෙන තිබෙන තීරණයට පිටින් නොයන බවට මා හට පොරොන්දු වෙන්න හියුන්ග්....
නමුත්... කුමරුනි.....
කරුණාකරලා..... හියුන්ග්.... මන් වෙනුවෙන්....
ටේහ්‍යුන්ග් පැවසූයේ යුන්ගිගේ අතක් තම දෑතින්ම අල්ලාගනිමින් ඔහු දෙස අසරන බැල්මකින් බලමින්.
යුන්ගි ටේහ්‍යුන්ගෙන් තම අත ඉවත් කරගෙන අනෙක් පසට හැරුනෙ කුමක් කියම්දැයි සිතා ගත නොහැකිව. ඔහුට වැටහී ගියේ ටේහ්‍යුන්ග් කුමක් වුවත් බරපතළ තීරණයක් ගෙන ඇති බව. යුන්ගි බොහෝ කලක සිට ටේහ්‍යුන්ග් අසලම සිටියේ ඔහුගේ ආරක්ශක ලෙස වුවත් ඔහු ටේහ්‍යුන්ග් ට තමාගෙම සොහොයුරෙක් තරමට සෙනෙහස දැක්වූයේ ටේහ්‍යුන්ග් ද එසේම තමා හට සැලකූ හෙයින්. කුමන සහෝදරයාටද තම සොයුරා මෙසේ වේදනා විඳිනවා බලා සිටිය හැක්කේ...
හියුන්ග්.....
ටේහ්‍යුන්ග් කතා කලේ යුන්ගි කිසි කතාවක් නැතිව අනෙක් පසට හැරී සිටින බැවින්.
අපි කුටියට යමු කුමරුනි...
නමුත්.....
දැන් එලිමහනේ සීතල වැඩිවේවී.. ඒ නිසා මෙහි සිටීමෙන් ඔබ අසනීප වේවී.....
ඔහු එසේ පවසන විට ටේහ්‍යුන්ග් මඳ සිනහවකින් ඔහු දෙස බලා කුටිය දෙසට යාමට පටන් ගත්තෙ යුන්ගි ද ඔහු පසුපසින් පැමිනෙන විටමය.
කුටියට පැමිණි ටේහ්‍යුන්ග් යුන්ගි හට ජන්කුක්ව මුලින්ම හමුවූ ආකාරය, ඔහුට ප්‍රේම කරන්න ආරම්භ වූ ආකාරය, ඉන් මෙසේ තමා මෙසේ හනහකි රෝගයට ගොදුරු වූ ආකාරය පිලිබඳ පවසමින් සිටියේ. ඇත්තටම ටේහ්‍යුන්ග් එසේ ඔහු ගැන පවසමින් සිටියේ සතුටින්.තමන් ආදරේ කරන කෙනා ගැන කතා කරද්දි ලොකු සතුටක් දැනෙනවා. එය ටේහ්‍යුන්ග්ටත් එසේම දැනුනා. නමුත් මෙහි වෙනසකට වූයේ සිතින් සතුටක් වින්දත් එය ඔහුගේ ශරීරට දරාගන්න අමාරු වේදනාවක් බවට පරිවර්තනය වීම.
යුන්ගිට ඔහු අපහසුවෙන් බව වැටහී මේ කතාව නවතා දැමීමට උවමනා වුවත් ටේහ්‍යුන්ග් සිටියේ වෙනස් මතයක.
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantasy~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...