❀ CHAPTER 13 ❀

492 123 49
                                    

තවමත් ජන්කුක්ගේ දෑත් අතර සිරවී සිටි ටේහ්‍යුන්ග් දෑස් යොමුව පැවතියේ කනස්සල්ලෙන් යුතුව තමා දෙස බලා සිටින ජන්කුක් රජු දෙසටය.ජන්කුක් ඔහුගේ පපුව මතින් තබා ගත් ටේහ්‍යුන්ගේ හස්තයට ඔහුගේ වේගයෙන් ගැහෙන හදවතේ රිද්මය දැනෙද්දී ඔහුට දැනුනේ පැහැදිලි කල නොහැකි දුකක් මුසු සතුටක් වැනි හැඟීමක්.එසේ සිටියදී ටේහ්‍යුන්ග් ට දැනීගියේ තමාට හුස්ම ගන්න අපහසු බවක්.නමුත් එය පෙර වතාවන් වල මෙන් නොවීය. පෙර වතාවන් වල සිදු වූයේ මල් පෙති නිසාවෙන් උගුර හිරවීමක් ලෙස දැනීමය.එසේ වුවත් මේ වෙලාවේ ඔහුට දැනුනේ හුස්ම ගැනීම අපහසු බවක්.ඒ වනවිටත් ටේහ්‍යුන්ග් තුල පැවති ඒ සපුෂ්ප ශාකය ඔහුට හුස්ම ගැනීමටත් ශක්තියක් ඉතිරි නොකර ඔහුගේ සියලු ශක්තිය උරාගෙන තිබුණි.

ජන්කුක් රජුට තම පපුව මත තබාගෙන සිටි ටේහ්‍යුන්ගේ අතින් ඔහු තම ඇඳුම පොඩිවී යන ආකාරයට තදින් අල්ලාගනිමින් සිටින බව දැනෙද්දි, ටේහ්‍යුන්ග් සිටින්නේ අපහසුවෙන් බව වැටහුනත් ඔහුව සැනසීමට නොහැකි බව සිතෙද්දී කිසිදා නොදැණුනු අසරණ බවක් දැනුනා.ඔහු ටේහ්‍යුන්ග් ව තවත් තමාට තුරුල් කරගත්තේ වෙන කලහැකි කිසිවක් නොවූ බැවිනි.ටික වෙලාවකින් ටේහ්‍යුන්ගේ අවසන් හුස්ම ජන්කුක් රජු ගේ තුරුලේදීම වා තලයට එක්වී ගියේත් ජන්කුක් රජු ගේ ඇඳුමින් අල්ලාගෙන සිටි ටේහ්‍යුන්ග් ගේ හස්තය ඉන් අතහැරී ජන්කුක්ගේ උකුලට වැටී ගියෙත් එකම මොහොතකදීය.

.

.

.

සතියකට පසු....

ජන්කුක් රජු සිටියේ තවමත් ඒ මොහොත පිලිබඳ මතකයෙන් මිදීමට නොහැකිව.ටේහ්‍යුන්ග් තම දෑත් මතම තමා හැර ගිය ආකාරය මතකයට නැඟෙන විට ඔහුට දැනුනේ පපුව හිරවී යන්නාක් මෙනි.

ජන්කුක් රජු සිටියේ ඔහුගේ උද්‍යානයේ ඇවිදිමින්.එහි තිබූ රෝස පැළයක් අසල නැවතුනු ජන්කුක් රජු යලිත් ටේහ්‍යුන්ග් පිලිබඳ මතකයන් සමඟ අතරමං වූයේ එයින් මිදීමට නොහැකි බැවිනි.එක්වරම ඔහුගේ හිස තදින් වේදනාදීමටත්, උගුර හිරවී යාමටත් පටන් ගත්තෙ සිත තුල පැවති වේදනාව ශරීරයට බලපෑම් කිරීමට ඇරඹී ඇති බවට ඉඟියක් ලබා දෙමිනි.ඊලඟ මොහොතේ තද කැස්සක් සමඟ ඔහුගේ මුවින් ගිලිහී ගියේ කහ පැහැති මල් පෙති කිහිපයක්.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now