ජන්කුක් රජු සිටියේ ඔහු පලමු වතාවට ටේහ්‍යුන්ග් සමඟ කතා කල උද්‍යානයේ ඇවිදිමින්.එසේ ඇවිදිමින් ගොස් ඔහු නැවතුනේ ටේහ්‍යුන්ග්ව පලමු වතාවට් තමා විසින් ඇමතූ ස්ථානයේ.එදින ටේහ්‍යුන්ග් එහි කුඩා රෝස පැලයක් දෙස බලා සිටි බව ජන්කුක් රජු ට මතක් වූයේ මේ වනවිට එය වැඩී රෝස මල් පිපී ඇති බව දුටු විටදීය.
එය අසලට ගිය ජන්කුක් රජු එහි එක් මලක් නෙලා ගැනීමට යනවිට එහි කටු ඇනී ඔහුගේ අතැඟිලි වලින් රුධිර බිදු කීපයක් වැටුනත් තවදුරටත් එහි නටුව තම අතින් තදින්ම අල්ලාගෙන සිටි ජන්කුක් රජු සිතුවේ එහි වේදනාව තම හදවතේ වේදනාවට කිසිසේත්ම සම කිරීමටවත් නොහැකි බවයි.
රෝස මලත් අතැතිව එයින් පිටව ඒමට සැරසුන ජන්කුක් රජු නැවතුනෙ පන්සලේ ප්‍රධාන පූජකවරයාගේ හඬින්.
රජතුමනි....
පූජකතුමනි...
ඔහුට දෑත් එක්කොට ආචාර කල ජන්කුක් රජු මදක් පුදුමයට පත් වූයේ හුදකලාව සිටීමට රුචියක් දක්වන පූජකවරයා කුමක් සඳහා තමා හමුවීමට මෙහි පැමිනියේද යන්න වටහාගත නොහැකිව.
රජතුමනි ඔබ දෛවය පිලිබඳ දරන මතය කුමක්ද.....
සත්‍ය වශයෙන්ම... එය කුරිරුයි... කිසිදු වැරැද්දක් නොකල පුද්ගලයන්ටත් දෛවය විසින් සතුටින් සිටීමට ඉඩක් ලබා නොදෙන්නේ මන්ද යැයි මා හට නොවැටහේ.... කුමක් නිසාද එය එතරම් කුරිරු වන්නෙ...
ජන්කුක් රජු තම හදවතෙහි කැකෑරෙමින් පවතින වේදනාව එසේ වචන වලට පෙරලූයේ වේදනාව පිරි හඬකිනි.
නමුත් මෙවැනි දෛවයක් ඔබලාට උරුම වීමට හේතුවක් තිබෙනවා රජතුමනි....
කුමක්ද.... කුමක් නිසාද ඒ....
ජන්කුක් රජු එසේ විමසූයේ දුකත් කුතුහලයත් පිරි හඬකිනි.
ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්.....
එය ඇසූ විට ජන්කුක් රජු ගේ සිත පිරී ගියේ පැහැදිලි කල නොහැකි හැඟීමකින්.එය සතුටක්ද දුකක්ද පසුතැවීමක්ද යන්න ඔහුටවත් සිතාගත නොහැකි වෙනස්ම හැඟීමක්.
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Viễn tưởng~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...