❀ CHAPTER 01 ❀

979 144 27
                                    

පතුල පැහැදිලිව පෙනෙන තරම් නිසලව පැවති ජලයෙන් පිරී තිබූ ඒ පොකුණෙහි ජලය එක්වරම මඳක් කැලබෙන්න පටන් ගත්තේ ඇත් දළ පැහැ දිගු ඇඟිලි සහිත හස්තයක් එහි ජලය සමඟ ගැටෙන්නට පටන්ගත් හෙයිනි....

කුමරුනී.....

සේවිකාවගේ හඬින් මඳක් තිගැස්සී ගියත් ඔහු හිටියෙ ජලය පොකුණෙහි ජලය තවමත් කලබවමින්.

කුමරුනි.. පිය රජු ඔබව කැඳවාගෙන එන ලෙස පැවසුවා...

සේවිකාව යලිත් කතා කලේ ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බැවින්. කිසිත් නොකියූ ඔහු නැගී සිටියේ තම පියාණන් හමුවීමට යාමට.

ඔහු නමින් ටේහ්‍යුන්ග්.ගෝර්යෝ රාජධානියේ රජතුමාගේ දෙවනි පුතු වූ ඔහු මේ වනවිට විසිවන වියේ පසුවූයේ.ඔහුගේ සහෝදරයෝ වූයේ සොක්ජින් කුමරු.ඔහු තමා මීලඟ කිරුළ හිමි කුමරු වූයේ.

.

.

.

.

.

රජතුමනි... ටේහ්‍යුන්ග් කුමරු පැමින සිටිනවා...

අසුන්ගන්න....

පුත් කුමරුනි.... ඔබ දැන් සිටින්නේ සරණ මංගල්‍යයක් කරගන්න ඕනි වයසක... ඔබ කැමැත්තෙන් ඉන්න කවුරුන් හෝ සිටීද....

තම පියාගේ පැනයෙන් ටේහ්‍යුන්ග් සිත කැලඹී ගියේ කුමක් කියම්ද යන්න වටහා ගත නොහැකිව.

එසේ කිසිවෙක් නැහැ පියාණෙනි....

හොඳයි... එසේ නම් ඔබට සුදුසු කෙනෙක් සෙවීමට දැන්ම ආරම්භ කරන්නම්....

තම පිය රජු ඒ පිලිබඳ අදාළ නිලධාරීන් හට දැනුම් දෙන ආකාරය දෙස ටේහ්‍යුන්ග් බලා සිටියේ හිස් හැඟීමක් සහිතව.

Taehyung POV

ඔබ කැමැත්තෙන් ඉන්න කවුරුන් හෝ සිටීද....

එසේ කිසිවෙක් නැහැ පියාණෙනි....

එහෙම කිව්වත් ඒකද ඇත්ත.. නැහැ.... ඒත් මන් කොහොමද එයාට ආදරේ කරන්නේ... ඒ අපේ හතුරු රාජධානියේ කිරුල හිමි කුමරු.... මන් එයාව කොහොමහරි අමතක කරනවා... ඒත් ඒක කරන්න පුළුවන් වෙයිද....

ටේහ්‍යුන්ග් සිටියේ තමන්ගේ සිත සමඟම සටනක.එක්වටම ඔහුට දැනුනේ තමන්ගේ උගුර හිරවෙනවා වගේ වගේ හැඟීමක්.ලඟ තිබ්බ මේසය තදින් අල්ලගන්න ගමන් එයට බර උන ටේහ්‍යුන්ග් මුවට අත තියාගත්තත් ලොකු කැස්සක් සමඟ යම් දෙයක් තම අතේ ස්පර්ශ වෙනව ඔහුට දැනුනා.

එහි තිබුනේ මල් පෙත්තක්... ලා රෝස පැහැ රෝස මල් පෙත්තක්.......

.

.

.

.

.

.

.

අදහසක් කියාගෙන යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අදහසක් කියාගෙන යන්න.ගොඩක් දිග කතාවක් නම් නෙවේ ඉක්මනින්ම අප්ඩේට් කරලා ඉවර කරන්න හිතාගෙන ඉන්නෙ.☺️❤️

wind_road මේ ඕතර් ගේ Delicate කියන පොත කියවලා තමා මට මේක ලියන්න අදහසක් ආවෙ.🤗❤️

❁ Thank You For Reading ❁

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now