එසේ පැවසූ ජන්කුක් රජු සැතපීමට ගියේ හෙට දිනයේ කුමක් සිදුවේදැයි කල්පනා කරමිනි.
..........................................................................
ටේහ්‍යුන්ග් සිටියේ ඒ වනවිටත් තම සිරුරෙන් දැනෙන වේදනාව දරාගැනීමට උත්සාහ කරමින්.ජන්කුක් රජු මේ වන විට ඔහුගේ මිතුරෙක් ලෙස ඔහු සමඟ සමීප ඇසුරක් තිබීම පිලිබඳ ටේහ්‍යුන්ග් සිතින් සතුටු වුවත් එයට ටේහ්‍යුන්ගේ ශරීරයටත් හදවතටත් දැනෙන වේදනාවන් මැඬලිය නොහැකි වූවා.
ටේහ්‍යුන්ග් තම ප්‍රේමය ඒකපාක්ෂික බව විශ්වාස කරන සෑම මොහොතක් පාසාම ප්‍රේමයේ නාමයෙන් හටගත් එම මල් පැලය ඔහුගේ ශරීරයේ ශක්තියත් උරාගනිමින් සරුවට වැඩෙමින් පැවතියේ ඔහුට දරාගැනීමට නොහැකි තරම් වේදනාවක් ගෙන දෙමින්.එයට තවත් හේතුවක් වූයේ ඔහු තුල වැඩෙන්නේ රෝස පැලයක් වීමයි.කොතරම් වේදනාවක් දැනුනද ජන්කුක් ගැන තිබෙන ප්‍රේමය මඳකුදු වෙනස් නොවී පැවතියේ ඔවුන් දෛවයේ සහකරුවන් වූ බැවින්.
Taehyung POV
මා හට ජීවත්වීමට තිබෙන්නේ තවත් මසකටත් අඩු කාලයක්... මෙතරම් කාලයක් මෙය සියල්ලන්ගෙන් සැඟවීමට මට හැකි වුවත් දැන් එය කල නොහැකි දෙයක් වීමට කාලයයි... ජන්කුක් රජු මිතුරෙක් වූ පසු සියල්ල යථා තත්වයට පත් වේ යැයි යුන්ගි හියුන්ග් විශ්වාස කරනවා.... ඔහුට ඒ පිලිබඳ ඒත්තුගැන්වුවත් තවදුරටත් එයින් කිසිවක් වෙනස් වී නොමැති බව ඔහුත් වටහා ගනීවී.... නමුත් මෙයාට විසඳුමක් නොවේ.... මෙයයි මාගේ දෛවය.... ජන්කුක් රජුගේ සිතෙහි මා ගැන තිබෙන්නෙ මිත්‍රත්වයක්.... එසේ වුවත් මා හට ඔහුට ප්‍රේම කිරීම නවතාගත නොහැකියි.... කුමක් වුවත් ඔහු සැමදා සතුටින් සිටිය යුතුයි....
ටේහ්‍යුන්ග් එසේ සිතුයේ සුලු මොහොතකට පෙර තමාගෙන් ගිලිහුනු මල් පෙති දෙස බලමින්.ඒවා තද රතු පැහැයෙන් වර්ණ ගැන්වී තිබුනේ ඒවා සමඟ රුධිරයත් මුසු වී තිබූ නිසාවෙනි.
මා හට හෙට දිනය පිලිබඳ දැනෙන්නෙ සිතා ගැනීමට නොහැකි ගුප්ත හැඟීමක්... වෙදැදුරු පැවසූ පරිදි හෙට දිනයෙන් පසු කුමක් කලත් මා හට ජීවත් වීමට හැකියාවක් නොවේ..... මා හට මෙසේ හෝ මෙය සැඟවිය හැකියාව තිබෙන්නෙත් හෙට පමණයි.... හෙටින් පසු මා මරණය බලාපොරොත්තුවෙන් ජීවත් වන්නෙක්... හ්ම්ම්.... ඔහුට ප්‍රේම කර මිය යාමත් සතුටක්.....
YOU ARE READING
𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓
Fantasía~ 𝑪 𝑶 𝑴 𝑷 𝑳 𝑬 𝑻 𝑬 𝑫 ~ ඔබතුමාත් ටේහ්‍යුන්ග් කුමරුත් මෙම ආත්මයේ පමණක් නොවේ... ආත්ම ගනනාවක් එකිනෙකා වෙනුවෙන් ඉපදෙන ආත්මීය සහකරුවන්..... . . . යලි කිසිදු ආත්මයක ඔබත් ටේහ්‍යුන්ග් කුමරුත් කිසි දෙයකින් වෙන් කල නොහැකි වේවී..... . . . Jungkook Pov...