❀ CHAPTER 20 ❀

416 115 35
                                    

📞.....

ඔහ්.... ජීමීන් අපි මේ එන ගමන්.... ඔම්මටත් කියන්න...

.

.

.

ජීමීන් යුන්ගිත් ටේත් එන්න පරක්කු වුන නිසා කෝල් කලේ ඔවුන්ගේ ඔම්මත් ටිකක් බයවෙලා හිටිය නිසා. ඒ නිසාම ඔවුන් ඉක්මනට ගෙදර ආවෙ ජන්කුක්ද සමඟමයි.

ජීමීන් ඔයා ටේව කාමරේට අරන් යන්න මන් ටිකකින් එන්නම්...

හරි හියුන්ග්...

ජීමීන් ටේවත් අරගෙන යන දෙස ටිකක් බලාගෙන හිටිය යුන්ගි හැරුනෙ ජන්කුක් දෙසට.

ඉදගන්න ජන්කුක්...

ස්තූති... යුන්ගි...

මන් ඔයාට ටේ ගැන කියන්නම්.... ඒත් මට දැනගන්න පුළුවන්ද ඔයා මෙච්චර කලබල උනේ ඇයි කියලා.... ඔයා ටේහ්‍යුන්ග් ව කලින් දන්න කෙනෙක් ද....

හ්ම්ම්..... ඒක ටිකක් දිග කතාවක් යුන්ගි.... ඇත්තටම කිව්වොත් මන් අද තමා එයාව මුලින්ම දැක්කේ.... ඒත්..........

ජන්කුක් තමන්ට කාලයක් තිස්සෙ පෙනුන හීන , ඒව තමන්ගේ පෙර ආත්මයට සම්බන්ධ වුන විදිහ, ටේහ්‍යුන්ග් ඔහුට සම්බන්ධ වෙන විදිය ගැන සියලු දේ යුන්ගි ට කිව්වෙ යුන්ගි ඒ සියල්ල සාවදානව අසා සිටින විටය.

ටේට මෙහෙම වුනේ කෙනා කවුද කියලා අපි දන්නැ ජන්කුක්..... ටේවත් ඒ කෙනාගෙ නම දන්නැ.... ඒක අමුතුයි තමා ඒත් ඒක තමා ඇත්තටම වෙලා තියෙන්නේ....

ජන්කුක් ට දැනුනෙ ලොකු හිත් වේදනාවක්. ටේහ්‍යුන්ග් වෙන කෙනෙක් ට ආදරේ කරනවා... ඒ කෙනා නිසා මෙහෙම දුක් විදිනවා කියලා හිතෙද්දි ඔහුට දැනුනේ හදවත රිදුම් දෙන බවක්.... ඔහුට එය විශ්වාස කිරීමට අවශ්‍ය වුනේ නැහැ.

ඒ කෙනාව ටේහ්‍යුන්ග් දැකලා තියෙන්නේ කොහෙදිද... කවද්ද කියලා දන්නවද යුන්ගි....

එක්වරම සිතට නැඟුන ප්‍රශ්නයක් ජන්කුක් එසේ ඇසුයේ ඔහුගේ සිත ටේහ්‍යුන්ග් වෙන කෙනෙක් ට ආදරේ කරන බව විශ්වාස නොකල නමුත් , එය එසේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තමන් ට කල හැකි සියලු දේ කල යුතු යැයි හැඟුන නිසායි.

ටේ කිව්ව විදියට එයාව දැකලා තිබ්බෙ අපි අද හම්බුන පන්සලේදිමයි මාස පහකට වගේ කලින්...

හ්ම්ම්.... අපි හොයාගන්න බලමු....

ජන්කුක් ටික වෙලාවක් කල්පනා කරමින් සිටියේ කොහොමද ඒ කෙනාව හොයාගන්න පුළුවන් කියලා, ඒත් එක්වරම ඔහුගෙ මතකයට ආවේ තමාත් ඒ කාලේ එහි ගිය බව.

එකපාරටම ඇහුන වීදුරුවක් බිඳෙන හඩකින් යුන්ගි මෙන්ම ජන්කුක් ද තිගැස්සී ගියා.

ඒ ටේගේ කාමරෙන් ඇහුනෙ...

යුන්ගි ඉක්මනින් ම නැගිටලා ඒ දෙසට ගියෙ එව් ටේහ්‍යුන්ගේ කාමරය යද්දි ජන්කුක් ද ඔහු සමඟම ගියෙ ටේහ්‍යුන්ග් ට යම් කරදරයක් වී ඇත්දැයි සිතමින්.

ඔවුන් එහි යනවිට ටේහ්‍යුන්ග් සිටියේ ශරීරයෙන් දැනෙන වේදනාව නිසා ඇදෙහි ඇතිරිල්ලත් තදින් අල්වාගෙනයි.ඔහුගේ අත වැදීමෙන් බිමට වැටී බිදී ගිය වීදුරු කැබලි බිම පුරා විසිරී ගොස් තිබුනා.

යුන්ගි ටේහ්‍යුන්ග් අසලට යන්න හදනවාත් සමඟ ඔහුට වඩා ඉක්මන් වුන ජන්කුක් ටේහ්‍යුන්ග් අසලට ගියෙ වීදුරු කටුවලට පාද කැපී යාමත් තැකීමක් නොකරමයි.

ටේහ්‍යුන්ග් අසලට ගිය ජන්කුක් ඇදෙහි කොනෙන් වාඩිවුනේ ටේහ්‍යුන්ග් ව තමා අසලට ඇදගනිමින්.එම මොහොතේ ටේහ්‍යුන්ග් මදක් දෑස් විවර කර බලන විට දුටුවේ තමා දෙස කඳුලු පිරි දෑසින් බලාගෙන සිටින ජන්කුක් ව. ඔහුගේ දෑස් වල තමා වෙනුවෙන් හැඟීම් රාශියක් පවතින ආකාරය ටේහ්‍යුන්ග් ට පෙනුනේ ඒ දෑස් තමා වෙතම යොමු වී තිබුනු නිසාවෙනි.ටික වෙලාවකින් ජන්කුක් ටේහ්‍යුන්ග් ව තම පපුවට තුරුල් කරගත්තෙ යලි ටේහ්‍යුන්ග්ගෙන් ඈත් නොවෙන බවට ඔහුටම පොරොන්දු වෙමින්. ටේහ්‍යුන්ග් ට ජන්කුක්ගේ හදගැස්ම ඇසෙද්දී මෙතෙක් වෙලා තම ශරීරයෙන් දැනුන වේදනාවන් ඉවත්වී තම ආත්මයම සුවපත් වී යන බවක් දැනුනේ ඔහුගේ සිතද ලොකු සතුටකිනුත් පිරිලා යද්දි.

යුන්ගි මේ සියල්ල දෙස බලා සිටියේ සැනසිලිදායක බැල්මකින්.මෙතරම් දවසක් ටේහ්‍යුන්ග් ට මෙසේ අසාධ්‍ය වන විට කුමක් කරත් ලේ සමඟ මල් පෙති පිටවීම වැලැක්වීමට නොහැකි වුනත් අද එය නැවතී ගිය ආකාරය දුටු විට ඔහුට වැටහුනා ටේහ්‍යුන්ග් ව සුව කලහැකි ඔහුගේ ආදරයේ හිමිකරු මෙහි සිටින ජන්කුක් බව.

.

.

.

🙂❤️.

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now