❀ EPILOGUE ❀

599 108 36
                                    

ටේ.... මේ අපේ කලින් ආත්මේ සොහොන්....

ටේහ්‍යුන්ග් ජන්කුක් සමඟ කලින් ආත්මයේ ඔවුන්ගේ සොහොන් කොත් තිබූ ස්ථානයට පැමිනියේ එහි පැමිනීමට ජන්කුක් ඔහුටම පොරොන්දුවක් දීගෙන තිබුන බැවිනි.

මීට කලින් දුටු දවසෙ එ අසල මඳක් ගරා වැටී තිබුනත් මේ වනවිට එය නැවත ප්‍රතිසංස්කරණය කර තිබුනේ ඓතිහාසික ස්ථානයක් ලෙස සියලු දෙනා සැලකූ ස්ථානයක් බැවිනි.

එසේ සැලකීමට හේතුව ඒ අසලම වූ ගල්පුවරුවක සටහන් වී තිබුනේ කිසි කලෙක නොමැකී යන ලෙසයි.එය දෙස බලාගෙන සිටි ටේහ්‍යුන්ගේ මෙන්ම ජන්කුක්ගේද දෑස් වලට කඳුලු ඉනුවේ ඉබේටමයි.

~ පෙර ආත්මය ~

ජන්කුක් රජුගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් සූබින් කුමරු රාජ්‍යත්වයට පත් වූයේ යුවාන් රාජධානියේ සියලු ජනතාවගේ ආශිර්වාද මැද්දේදීය.

.
.
.

සූබින්ගේ මව් බිසව වුනු ජිසෝ රැජින ටේහ්‍යුන් කුමරුගේත් ජන්කුක් රජුගේත් අසම්පූර්ණ ප්‍රේම කතාව තම පුතුට පැවසූයේ රාජකීය සොහොන් බිමෙහි මිහිදන් නොකර ජන්කුක් රජුගේ සොහොන වෙනත් ස්ථානයක පිහිටවීමට හේතු දක්වමිනි.එය ඇසූ සූබින් රජු ඒ පිලිබඳ ගල් පුවරුවක සටහන් කර එම සොහොන් පවතින ස්ථානයේම පිහිටුවීමට කටයුතු යෙදුයේ අසම්පූර්ණ වුවත් ඒ පිවිතුරු ප්‍රේමයට අමරණීය බවක් එක් කරමින්.

.
.
.

එම ගල් පුවරුව ඉදිරියේ රෝස මල් සහ ඩැන්ඩෙලියන් මල් යොදා සැකසූ මල් කලඹක් තැබූ ටේහ්‍යුන්ග් සහ ජන්කුක් ඉදිරි ආත්ම වලත් එකටම සිටීමට එකිනෙකාට හදවතින්ම පොරොන්දු වූයේ ඔවුන්ගේ ආත්මගත ආදර කතාව යලි ඇරඹි බව සනිටුහන් කරමිනි.

එම ගල් පුවරුව ඉදිරියේ රෝස මල් සහ ඩැන්ඩෙලියන් මල් යොදා සැකසූ මල් කලඹක් තැබූ ටේහ්‍යුන්ග් සහ ජන්කුක් ඉදිරි ආත්ම වලත් එකටම සිටීමට එකිනෙකාට හදවතින්ම පොරොන්දු වූයේ ඔවුන්ගේ ආත්මගත ආදර කතාව යලි ඇරඹි බව සනිටුහන් කරමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නිමි....

මේ කතාවට Dandelions නම ගන්න හේතුව සහ Author Note එක👉.

අනිවාර්යයෙන් කියවන්න.❤️

𝐃𝐚𝐧𝐝𝐞𝐥𝐢𝐨𝐧𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 [Hanahaki] ✓Where stories live. Discover now