Chapter 10

772 156 2
                                    

                    
                "මිස්... ඔයා මං කියපු විදිහටම මෙතනින් එලියට යන්න........ වැඩි වෙලාවක් නම් නෑ.. ඉක්මන් කරන්න......"

ගාඩ්වෘල්ෆ් කෙනෙක් යොන්හා ජිමින්ගේ කාමරේට වෙලා ඉද්දි ඇවිත් කිව්වම යොන්හට කිසි දෙයක් එකපාරටම හිතාගන්න බෑ..

"ඒත්... ඔයා කවුද ඇයි මට උදව් කරන්නෙ....."

"මිස් අපි පස්සෙ කතා කරමු... අපෙ තව කට්ටියක් එලියේ ඉන්නවා.... ඒවගේම එයුන්හා මිසුත් ඉන්නවා........"

"මොකක්............"

යොන්හ්ට හිතාගන්න බැරුව ඉන්නේ මේ මනුස්සයා කවුද ඇයි උදව් කරන්නේ ඒත් එයුන්හා ඉන්නවා කිව්ව පාරනම් දෙවරක් නොහිතා ජිමින්ගේ කාමරෙන් එලියට අඩිය තිබ්බේ මෙතනින් ගැලවෙන්න පුලුවන් කියලා හිතාගෙනමයි........ ඒ ගාඩ්වෘල්ෆ් වෙස් ගත්ත කෙනා පස්සෙ යොන්හා පැක් හවුස් එකේන් එලියට එන්න හෙමිට හෙමීට රහස් දොරවල් අස්සෙන් පියමන් කරන්න ගත්තේ බයෙන්.... මොකද ජිමින් ගැන හොදට මේ දවස් ටිකට දන්න නිසා... ඒත් එයුන්හා ඉන්නවා කිව්ව නිසා දෙන්නත් එක්කම මේවගෙන් ඈතට යන්න හිතන් එලියට එන්න හදන්නේ........................

ජිමින් මේ වෙලාවේ ඉන්නේ සොවුල් වල....  එයාගේ office එකේ මීටින් එකක... මීටින් එක ඉවර කරලා එන්න හදන්නේ... මේ ගාඩ්වෘල්ෆ් මුවාවෙන් මේ යොන්හව එක්කන් යන්නේ ජීහැන්ග් ගේ ගෝලයෙක්... එයත් වෘකයෙක් උනාට වැඩ කරන්නේ ජිහැන්ග් ට... ජිමින්ටත් නොදැනි ජිමින්ගේ පැක් එකේ රහස් තොරතුරු දුන්නේ මේ වෘක මිනිහා... දැන් ජිහැන්ග් ගේ කිමකට මයි යොන්හව රවට්ටන් එක්කන් එන්නේ ජිහැන්ග් ගේ ගාවට.........

කෙල්ලව ජිමින්ගේ පැක් හවුස් එකේ රහ්ස් දොරකින් කාටත් නොදැනි එලියට එක්කන් ඇවිල්ලා තියෙන්නේ... පිටිපස්සේ ගේට් එකෙන් කෑලේ මැද්දට යොන්හව එක්කන් එනගමන් ඉන්නේ... යොන්හා බයේ ගැහි ගැහි වටපිට බල බල මේ මිනිහා පස්සෙන් එනවා........  කටු පදුරු වලට කකුල් හීරිලා.. ඒත් එකපාරටම පටු පාරක තිබ්බ අලුපාට කාර් එකක් දැකලා යොන්හව එක්කන් ආවේ එතන්ට.......
කාර් එක දොර ඇරියම ඇතුලේ කලුපාට ලොකු කෝට් එකක් ඇදන් ඉන්නේ "මින්හෝ"............

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Место, где живут истории. Откройте их для себя