Chapter 22

644 123 4
                                    

යොන්හා ජිමින් හවස් වෙද්දි සොවුල් වලට ආවා... අද කොහොමත් ජිමින්ලට ආයෙ පැක් එකට යන්න වෙන්නෑ රෑවෙලා නිසා.. ඒ නිසා සොවුල් වල ජිමින්ගෙ ෆාම් හවුස් එකට කෙල්ලව එක්කන් ආවා...
Alpha එක්ක කෙල්ලත් ඉන්න නිසා මෙක නගරයක් උනත් ආරක්ෂාව ගැන බලන්න ඕනෙ. ඒ නිසා මුලු පැක් හවුස් එක වටේම ගාඩ්වෘල්ෆ්ලා ඉන්න්වා.

" යොන්හා........ ඉක්මනට එන්න පරක්කු වෙනවා... ඔයා පරක්කු වෙන්න වෙන්න ඔයාටමයි පාඩු......."

ජිමින්ගේ කෑගැහිල්ල නිසාම කාමරේ ලෑස්ති වෙවි හිටිය කෙල්ල ඉක්මනට ලෑස්ති වෙලා සයිඩ් බෑග් එකට ඕන කරන සූටි සූටි බඩු ටිකත් දාගෙන පහලට ආවා... ජිමින් කෙල්ලව දැක්කම හිනා වුනත් කොල්ලට ඔරවනවා..😌😏 කරවටේ අත දාම් ලගට අරන් නලලට කිස් එකක් දීලා කෙල්ල එක්ක එලියට ආවා... එක කාර් එකක් ඉස්සරහිනුත් අනිත් කාර් එක පිටිපස්සේනුත් ජිමින් යොන්හ යන කාර් එක ඊටමැදිවත් යන්නේ... කෙල්ල පොඩි ලමයෙක් වගේ කාර් එක ලොකු බිල්ඩින්ස් මැදින් යනකොට ඇස් ලොකු කරන් බලන් ඉන්නෙ හරියට අද ඇවිත් වගේ...
ජිමින්ට හිනා කෙල්ල මේ ඉන්න විදිහට.. පොඩ්ඩක් ඉන හරිය අල්ලලා මිරිකුවම ගැස්සිලා බැලුවේ... Gift Shop එකක් ඉස්සරහා Car ටික නවත්තලා තියෙන්නෙ.....

" ඔයාගෙ සුකී ඔන්නිට මොනාහරි අරන් යන්න ඕනෙද.... ඕනෙ නම් කියන්න.."

" හූම්....... ඉන්න මං ඉක්මනට අරන් එන්නම්..."

" ඔයා යන්නෑ...🤨 ඕනේ මොනාද කියන්න ගාඩ් ගිහින් ගෙනෙයි..."

" ආයිශ් ජිමින්.. මට දිවැස් තියෙනවා කියලා හිතුවද මෙතන ඉදලා ශොප් එකේ තියන දේවල් කියන්න... මං ගිහින් අරන් එන්නම්කෝ....."

" ම්ම්.... ආ කාඩ් එක.. ඉක්මනට එනවා gift එකක් අරන්..."

" ඕකේ..."

කෙල්ල ජිමින්ගේ card එකත් අරන් කාර් එකෙන් බැස්සම ගාඩ්ලා දෙන්නෙක් කෙල්ල එක්කම ආවම කෙල්ල බය උනා... ජිමින් කාර් එකේ ඉදන් බලන් ඉන්නෙ.. තව මොනාහරි කියයි කියලා පාඩුවේ ශොප් එක ඇතුලට ගියේ Gift එකක් තෝරගන්න. ගාඩ්ලා දෙන්නෙක් යොන්හා එක්කත් තව දෙන්නෙක් ශොප් එකේ දොර ගාවත් ඉන්නවා.. ශොප් එකේ ඇතුලේ අය යොන්හා දිහා බලන්නෙත් බයෙන්.. යොන්හට ඒක තේරුනා. යොන්හා gift එක අරම් පැක් කරන් ඉක්මනට ආයේ කාර් එකට ආවා...

𝐁𝐀𝐃 𝐁𝐋𝐎𝐎𝐃 ♡ [COMPLETED]✔️Where stories live. Discover now