11

1.1K 269 7
                                    

නින්දෙන් මගෙන් ඈත් උන එයා ඊලග විනාඩියෙ මා දිහා ඇස් කටේ දාගෙන බලං ඉන්නවා....... මම මොනා කියන්නද......

මට දැනුනෙ ලැජ්ජාවක්.. මට මගේ හැඟීම් හිර කරගන්න බැරි උනා..... එයාගෙ ඇස් වලින් කඳුලුත් එනවා...

මට දැනුනෙ මම වරදක් කලා වගේ...

මං මූණ බිමට හරවං එයාට කතා කලා..

ටේ.. අයෑම් රියලි සොරි... මට....

මට කියාගන්න පුලුවන් උනේ එච්චරයි.. එයා මගේ පපුවට තුරුලු උනා...... මොකක්ද මේ..... මං ඇස් ලොකු කරගේන ඉස්සරහ බලං හිටියා... ඈතින් පේන්නෙ කලුවර අහස.. මට දැනුනෙ ඒ අහස වේනදට වඩා ලස්සනයි වගේ.....

.
.
.
.
.

ටෙයොංග්.....
මම එයාට කතා කලේ එයා මාව අත අරින පාටක් නැති නිසා..........

ටේ කියල කියන්න .. මගේ පපුවට තවත් තද වෙනගමන් එයා ඒම කියනකොට මං  කට කොනෙන් හිනා උනා.

ඒනං මගේ ටේ කියල කියන්නද...
හදවත හයියෙන් ගැහෙනකොට, පපුව බඩ ඔක්කොම සීතල වෙලා යනකොට.
කියන්න කියන්න කියල හිත කෑ ගහපු දේ මගේ කටින් පිට උනා...

එයා මගෙන් ඈත් වෙලා මා දිහා කන්න වගේ බලං හිටියා. මට බය හිතුන්නෑ. මගේ මූණෙ තිබුනෙ ඒක කිව්ව එකට ඇතී උන ලස්සන හිනාවක්...

මොකක්ද කුකී.. එයාගෙ ඇස් වලින් කඳුළු බිංදුවක් රූටලා යද්දි එයා පුදුමෙන් මගෙන් ඇහුවා..

මම කල්පනා කලා...
මම ඔයාට ආදරෙයි ටේ....

.
.
.
.

ජීවිතේ පලවෙනි වතාවට අසම්මතයක් ද සම්මතයක්ද නොසොයා සෑබෑ ආදරය ලග ඒ වචන ටික මගේ කටින්   පිට උනා...

.
.
.
.
.
.

🚌

Bus [ TK]Short Story ✅ Hikayelerin yaşadığı yer. Şimdi keşfedin