😉 Mission 03 😉

1.2K 267 49
                                    

Xiao Zhan P.O.V

" Hello... Song yanji..?"

"Yes... speaking.... "

" I'm Xiao Zhan.... ඊයේ මාර්කට් එක ළඟදි ඔයත් එක්ක කතා කලේ... අර මගේ කූඹි ටික ගැන කිව්වේ..... " කියන්න බැහැ නේ බැරි වෙලාවත් එයාට මගේ ලස්සන හුරුබුහුටි මුහුන අමතක නම්..වැඩි හොදටත් එක්ක මගේ කූඹි කතාවත් කිව්වා.

" ඕහ් Happy boy... කොහොමද කොල්ලෝ..... "

" ඇත්තටම කියන්න තරම් හොද තත්වෙක නෙමෙයි මම ඉන්නේ..... මම පොඩි හෙල්ප් එකක් බලාපොරොත්තුවෙන් කතා කලේ...... "

" ම්ම්ම් හරි අපි කතා කරමුකෝ..අවුලක් නැත්නම් මම එවන ඇඩ්‍රර්ස් එකට එන්න පුලුවන්ද ෂාන්.... "

" Sure.... මට එන්න පුලුවන්... "

" එහෙනම් ඇඩ්‍රර්ස් එකේ තැනට ඇවිත් Receptionist ඔයාගේ නම කියන්න හරිද.... "

" ඕකේ... "

මම ෆොන් එක කට් කලා.හුහ්හ්හ්...මෙයාටත් මාව ෂෙන්සෙන් යන එකෙන් බේරගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මමාට යන්න හා කිව්වට මොකද මට කීයටවත් ෂෙන්සෙන් යන්න ඕන වුනේ නැහැ දැන් ෂෙන්සෙන් ගියා කියන්නේ ආයේ මාස දෙකක් යනකන්වත් මට ෂැංහයි එන්න ලැබෙන්නෙ නැහැ.මමා දුන්න train ticket එකත් අරගෙන ස්ටේෂන් එක ගාවටම ඇවිත් ඇතුලට යන්නෙ නැතුව පාරේ අයිනේ හිටගෙන කල්පනා කලේ කොහොමද මේ මගුලෙන් බේරෙන්නෙ කියලා.හැමෝටම සමාජ සේවය කරන්න ගියාට යාලුවෙක් කියලා කියන්න පුලුවන් එකෙක්ට මට ඉන්නේ ඉතින් ශූ විතරයි.ඌත් ඉතින් මගේ තත්වෙම අනිත් එක නිසා උන්ගේ ගෙදර මාව දවසක් තියාගන්නෙ නැහැ අනික උන්ගෙ ගෙදර නැවතුනොත් මමාට මාව මාට්ටු වෙනවා.එතකොට තමයි ඊයේ දැක්ක ලස්සන ලේඩිව මීටර් වුනේ කල පව් වගේම කල හොදත් පස්සෙන් එනවනේ ඒක නිසාම මම ඒ ලේඩිට කෝල් කලා මොනයම් හෝ උදව්වක් ගන්න.

"සර්.. අපි තැනට ආවා.... "

" අහ්හ් හරි.... "

බෑග් එකත් උස්සගෙන ඉස්සරහම ඉන්න Receptionist ට ගිහින් නම කිව්වම එයා කිව්වා ටිකක් මට ඉන්න කියලා. මම හිතුවේ ලේඩි එන්න කිව්වේ කොෆි ෂොප් එකට නැත්නම් රෙස්ටුරන්ට් එකකට වෙන්න ඇති කියලා ඒත් මේක Clinic එකක්.

Agent Happy  ( Yizhan ff ) ✔️Where stories live. Discover now