Xiao Zhan's P.O.Vපහුවෙනිදා මුලින්ම නින්දෙන් ඇහැරුනේ මම... මුලින් ම ඇස් අරිනකොට මම දැක්කේ නිරුවත් වෙලා තිබුන එයාගේ කිරි පාට පපුව... ඊයේ රෑ කරපුවට පිං සිද්ද වෙන්න ඒ පපුව හැමතැනම රතුපාටින් දම් පාටින් වැඩ වැටිලා.. කණ්ණාඩියකින් නොබැලුවත් මගෙත් වැඩි වෙනසක් නැහැ කියලා මම සහසුද්දෙන්ම දැනගෙන හිටියා... කාගෙද ඉතින් වැරැද්ද... එයාගේ තමයි...
බඩ්ඩක් පෙන්නම් කියලා උඩ තට්ටුව අරන් ඇවිත් අන්තිමට ෆූල් ෂෝ එකක්ම තිබ්බා... මට රිදෙව්වේ ඒවායේ ප්රතිඵල තමයි ඕවා...
තාමත් නිදාගෙන ඉන්න එයාගේ නලලට හාදුවක් තියලා හෑනුමක් යවාගෙනම මම ඇදෙන් නැගිට්ටා... වෙනදා අපි දෙන්නා එකට හිටපු හැම දවසේම පහුවෙනිදා මාව වොශ් කලේ එයා උනාට අද මම එයාට නිදාගන්න දීලා පාඩුවේ හිටියා... බස්සාට තිබ්බ ප්රශ්නත් එක්ක කවුද දන්නේ එයා අන්තිමට සැපට නිදාගත්තේ කවද්ද කියලා.. අඩියක් උස්සලා අඩියක් තියෙනකොට පොඩි අමාරුවක් ආවත් අමු නිරුවතින්ම මම බාතෲම් එකට රිංගලා උණු වතුර ටිකක් නාගෙන එලියට ආවා...
එහෙන් එද්දි ඇදුම් නොගෙන ආවට මට ඕන යට ඇදුමේ ඉදන් ඔක්කොම Closet එකේ ඇති කියලා මම දැනන් හිටියට ආයේ ඇදුම් මාරු කරන්න තිබ්බ කම්මැලි කමට බාත්රොබ් එක පිටින්ම පහලට ආවේ එයා නැගිටින්න කලින් කිරි එකක්වත් හදන්න...
මේහෙම උදේ දහයට විතර ඇහැරිලා වගකීම් සහගත ස්වාමිපුරුෂයෙක් විදිහට තමන්ගේ මිනිහා හැරෙන්න කලින් එයාට බොන්න කිරි හදනවා මගේ මමා දැක්කොත් ෂුවර් ඇන්ඩ් ෂොට් අපේ මමාට පුදුමෙටම වලකජ්ජ ගහනවා... ඇයි ඉතින් ආසවට මම අපේ මමාට කිරි හදලා දෙනවද... මමා හදලා අතට ගෙනත් දෙන තේ කොප්පෙත් මේසේ උඩ තියල වේලෙන්න අරිනවා මිසක්... ඊටපස්සේ කූඹි එකේ පාටි දානවා...
හ්ම්ම්.. මොනා කියලා කරන්නද ඉතින්... බැන්දට පස්සේ මිනිස්සු වෙනස් වෙනවලුනේ... අදට විතරක් ඔන්න ඔහේ බස්සට තේ එකක් හදලා හෙට ඉදන් එයාට කියනවා තේ හදාගන්නවා... නැත්නම් ඕකත් මේ කම්මැලි බස්සට පුරුද්දට යනවා...
ඒත් හෙට කියනකොට මට මතක් වුනේ සූහීව... ඒ වැදිරි කිව්ව විදිහට මගේ බස්සව ඒකි බදිනවා කිව්වේ හෙට නෙමෙයි අනිද්දා... දැන් බස්සා මාව බැන්දා... එයා කිව්ව විදිහට තාම ලිහෝගේ ප්රශ්නෙත් ඉවර නැහැ... යැන්ජිට වෙච්ච දෙයක් නැහැ.... එතකොට මේ දේවල් බේරගන්න මගේ බස්සට ආයේ අර පාප්ප වැදිරිව බදින්න වේවිද...
![](https://img.wattpad.com/cover/294600963-288-k356829.jpg)
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...