😉 Mission 16 😉

1.1K 269 43
                                    

Xiao Zhan's P.O.V

"හ්ම්ම් දැන් ඔය රෝග ලක්ෂණ ඔයාට එන්නේ කවුරු ඉස්සරහද.... ??"

" ම්..මේ..මේ ඔයාට මොකටද ඒවා... chickenpox හැදුන එකෙක්ගෙන් ඩොක්ටර් අහන්නේ නැහැ නේ කිකිලියෙක්ගෙන්ද කුකුලෙක්ගෙන්ද බෝ වුනේ කියලා... ඒ වගේ තමයි කවුරු වුනත් ලේඩේ මොකක්ද කියලා විතරක් ඔයා කියන්නකෝ...  "

යැන්ජි මගෙන් කවුරු හින්දද මට මෙහෙම වුනේ කියලා අහනකොට ' අනේ අර ගෙදර ඉන්න බක බස්සා හින්දා තමයි මට මෙහෙම වුනේ.. ඌ තමයි මේ සහගහන අපරාධයට වගකියන්න ඕනේ 'කියලා එකාගේ අම්මාටම කියන්නද... ලේඩේ මොකක්ද කියලා දැනගන්න කල් කාටවත් මුකුත්ම කියන්න බැහැ...

" හාහ්හ්හ්හා... !! හයියූ මගේ කියුට් කොල්ලා..
chickenpox බෝ වෙන්නේ කුකුල්ලුන්ගෙන් නෙමෙයි කොල්ලෝ.. ඒක වයිරස් එකක්..."

" කුකුලෙක්ගෙන් නෙමෙයි නම් මොන චීත්ත රෙද්දකට ඒකට chickenpox කියලා නම දැම්මේ... !!! "

"ස්ටෝබරි කියන්නේ බේරි ජාතියක් නොවන ලොකේ ඕවා මොනාද කොල්ලෝ ඔයාගේ රෝග ලක්ෂණ අවුරුදු අසූවක විතර මනුස්සයෙක් ගැන ඇති වෙනවනම් ටික හිතන්න ඕන ප්‍රශ්නයක්... හැබැයි ඉතින් ඔය ලේඩේ හැදෙන්න වයස් භේදයකුත් නැහැ.... "

මොකක්ද ඒ කිව්ව හරුපේ.. ස්ටෝබරි බෙරි නෙමෙයි නම් අලද... අවුල් වෙලා තිබ්බ මොලේ තව ටිකක් මාන්ජිමික වුනා..

" නැහැ මූලග්ගින්නා වගේ කේන්ති ගියාට ඒකාට එච්චර වයසක් නැහැ.... තාමත් ඉන්නවා කිංග්කෝකනට් වගේ බැබිලි බැබිලි.. "

මම කියවනකොට හිනාවේ වී හිටිය යැන්ජි සීරියස් වුනා... එයා මගේ මුහුන දිහා විමසිල්ලෙන් බලාගෙන හිටපු විදිහට මට හරි අමුත්තක් දැනුනා...

" මොකද... ?"

" ඔයාට තියෙන ලේඩේට බෙහෙත් දෙන්න පුලුවන් මට නෙමෙයි... ලේඩේට හේතු වුන කෙනාටම තමයි.... ඔයාට දැනෙන දේ ගිහින් එයාට කියන්න.... "

" අහ්... මම ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න ආවම ඩොක්ටර් මට කියනවද ලේඩේ හොයන්න එන්න කියලා.... ඔයත් මරු ඩොක්ටර් නේ යැන්ජි... ඇත්තම කියන්න සල්ලි කීයක් ගෙවලද මේ ඩොක්ටර් පට්ටම ගත්තේ..... "

Agent Happy  ( Yizhan ff ) ✔️Where stories live. Discover now