😉 Mission 23 😉

1K 240 27
                                    


Author's P.O.V

ජපානෙට බිස්නස් වැඩවලට ආවා කිව්වට යිබෝට මිටින් එකක් තිබ්බේ ෂාන් අර ලන්ච් එකට කියලා උපන් ඇදුමෙන් හිටිය කෙල්ලෙක් ඕඩර් කරපු දවසේ විතරයි... අනිත් දවස් තුනේම දෙන්නා කලේ ජපානේ වටේ රවුම් ගහපු එක.... හිස්මුරුත්තාව හැදෙනකන් අතට අහුවෙන කෑම කාපු ෂාන් ගනන් කරන්න බැරි තරම් ෆෝටෝස් ගන්නකන් යිබෝ ගොඩක් වෙලාවට කලේ පැත්තකට වෙලා බලන් හිටපු එක.... කලින් යිබෝ ජපානෙට ඇවිත් තියෙන හින්දා සකුරා මල් පිරුන ජපානේ අමුතුවෙන් බලන්න දෙයක් එයාට නොතිබුනත් ෂාන්ට නම් ඉතින් ජපානේ දිව්‍ය ලෝකේ වගේ වුනා....

ජපානේ යනකොට යිබෝ වැඩි දෙයක් අරන් නොගියට එනකොට ආවේ අවුරුදු දෙක තුනක් නතර වෙලා හිටිය ගානට සූට් කේස් පිරෙන්න බඩු අරන්.... හැබැයි ඒ එකකවත් යිබෝගේ කියලා කිසිදෙයක් නැති වෙනකොට ඔය ඔක්කොම ලට්ට ලොට්ට ටික යිබෝගේ සල්ලි වලින් ' මම වැඩ කෙරුවට පඩි දෙන්න ' කියලා ෂාන් ගත්ත එව්වා....

ෂාන්ගේ ෂොපිං කිරිල්ලේ තරම කියනවනම් ' Made in china ' කියලා ගහලා තිබ්බ බඩු පවා ජපානෙන් ආයේ චීනේටම අරගෙන ආවා..

" බබා පොඩ්ඩක් මගේ පැත්තට ලං වෙන්න.... "

  Toblerone  චොකලට් එකක් කට වටේ ගාගෙන කන ෂාන්ට කතා කෙරුවා....

කලර් ලයිට් එක ගාව කාර් එක නතර වෙලා තියෙද්දි ඇයි යිබෝ අඩගැහුවේ කියලා නොදැන ෂාන් යිබෝගේ පැත්තට නැමෙන කොට යිබෝ ෂාන්ගේ බෙල්ල වටේ අතක් යවලා තව ටිකක් එයාගේ පැත්තට නමාගෙන කෙලින්ම ෂාන්ගේ තොල් දෙක අයිතිකරගත්තා....

ජපන් ගමන ගිහින් ආයේ චීනේට ඇවිත් දවසකට පස්සේ වැටුන හදිසි වැඩක් නිසා යිබෝට කම්පැනි එකට යන්න වෙනකොට ෂානුත් ඒ මාලිගාවට වෙලා තනියම ඉන්න බැහැ කියලා යිබෝ එක්කම කම්පැනි එකට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජපන් ගමන ගිහින් ආයේ චීනේට ඇවිත් දවසකට පස්සේ වැටුන හදිසි වැඩක් නිසා යිබෝට කම්පැනි එකට යන්න වෙනකොට ෂානුත් ඒ මාලිගාවට වෙලා තනියම ඉන්න බැහැ කියලා යිබෝ එක්කම කම්පැනි එකට ආවා.... දවසම කම්පැනි එක ඇතුලට දියවෙලා හතට විතර ආයේ දෙන්නත් එක්ක යිබෝගේ මාලිගාවට යන අතරතුරේ චොකලට් කට වටේ ගහගෙන කන ෂාන්ව දැක්කම යිබෝට ඕන වුනේ ඒ තොල් වටේ ගැවීලා තිබ්බ චොකලට් එයාගේ දිවෙන් අයින් කරන්න....

Agent Happy  ( Yizhan ff ) ✔️Where stories live. Discover now