✔️ Mission Accomplished ✔️

1.1K 237 75
                                    


Xiao Zhan' s P.O.V

" නැහැ..! නැහැ එහෙම දෙයක් වෙන්න බැහැ..!! එයා තාම ජිවත් වෙනවා....!!"

" අපිට සමාවන්න.. Mr.Wang වෙඩි වැදිලා...හොස්පිටල් අරන් ගියත් පරක්කු වැඩියි..."

ගේ ඉස්සරහ හිටගෙන ඉන්න පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නා කියන දේ මම අහගෙන හිටියේ අදහගන්න බැරුව...

" Mr.Wang ගේ හස්බන් හැටියට ඔයාට වෙනවා එයාගේ බොඩි එක භාරගන්න.. "

මම මිදුලේ මැද Stretcher trolleyයක සුදු රෙද්දෙන් සම්පූර්ණයෙන්ම වහලා තියෙන මිනිය දිහා බැලුවා... දැනටමත් යැන්ජියි මගේ මමායි , ඇලෙක්සුයි මිනිය වටේ ඉදන් වැලහින්න වගේ අඩනවා...

" මගේ පුතා...! මට ඉතුරු වෙලා හිටිය එකම පුතත් උන් මරාගත්තනේ...!!"

" අනේ දෙවියනේ....!!මගේ අහිංසකයා බැන්ද ගමන් අනාත වුනානේ...කවුද දැන් ඒකාව බලාගන්නේ...!!"

මම කකුල ඇදගෙන වගේ එතනට ගිහින් ට්‍රෝලිය ගාවම ඇදගෙන වැටුනා... වෙව්ලන අත් වලින් මිනිය වහලා තිබුන සුදු රෙද්ද පොඩ්ඩ පොඩ්ඩ මම ඈත් කරනකොට දැක්ක මුහුනත් එක්ක මම කෑගැහුවා...

" අයියෝ....!!!"

" මගේ බස්සෝ....!!"

" එහෙම වෙන්න බැහැ...!!!"

" එයා ඉන්නවා....!!!"







































" අනේ..බ..ස්..සා..."

" ශාන් නැගිටපන්..මෙතන දවල් හීන නොබලා...!!කස්ටමස්ලා බලන් ඉන්නවා..!!"

පිට මැද්දට වැදුන තඩි පාරත් එක්ක මම ඇස් ඇරියා...

" ආව්...!! ගහන්න එපා අනේ රිදෙනවා...!!"

" කාලා වරෙන් කිව්වම උබ මෙතන නිදියනවා..!! නිදාගත්තත් කමක් නැහැ... නින්දෙන් විකාර දැකලා කෑගැහනවා..!! මෙතනට එන එවුන් හිතන් ඉන්නේ තොට පිස්සුයි කියලා...!"

" ඔයාට කොහොමත් පුතාට වඩා ලොකු කස්ටමස්ලනේ..."

" ඔව් උන්නේ මට සල්ලි ගෙවන්නේ...අර ගිහින් ඕඩරේ දීපන්... "

ආයේත් දවල් හීනයක්...

මමා දෙහි කපලා යනකොට මම ෆෝන් එක එලියට ගත්තා...

Agent Happy  ( Yizhan ff ) ✔️Onde histórias criam vida. Descubra agora