Author's P.O.V
දිගු රැයකට පස්සේ නින්දට වැටුන ෂාන් ඇහැරුනේ උදෑසන එකොලහට විතර...තාමත් හරි හැටි නින්ද පහව නොගිහින් තිබුන ෂාන්ගේ ඇස් වලට මුලුම අහු වුනේ එයාගේ එහා පැත්තේ ඉදන් ලැප් එකේ මොනවද කරන යිබෝව....
" ගුඩ්මොනින්.... "
යිබෝගේ පිටට පොඩි හාදුවක් දිලා මුහුන ඒ උනුහුමේම මුහුන තියාගෙන ෂාන් මිමිනුවා....
" ගුඩ්මෝනින්.... නිදාගත්තා ඇතිද.... මගේ නිදිකුම්බා පැලේ..... "
" ම්ම්ම්.... ඔයා ගොඩක් වෙලාද ඇහැරිලා...... ??"
" බබා වගේ පස්සට රස්නේ දැනෙනකන් නිදාගන්න උපන් හැකියාවක් මට නැහැ නේ ...... "
" ඉතින් මම වැඩිපුර නිදාගත්තේ කාගේ වැරැද්දෙන්ද....?? "
ෂාන් ඇහුවේ ලැජ්ජාවෙන් මුහුන රතුවෙන කොට....
" ආ එතකොට පාඩුවේ රේස් එකක් බලන් හිටිය මාව නොමග යැව්වේ කවුද.... ??"
" මම අඩගැහුවේ රෙස්ලින් මැච් එකකටනේ.... රෙස්ලින් මැච් එක pron hub එක කරගත්තේ මංද....???"
" නිදාගෙන හිටිය අහිංසකයා මිරිකලා ඇහැරුවේ කවුද දන්නේ නැහැ..... අනික මහ ලොකුවට හැමදාම පාන්දර ඇහැරෙන එකානේ මෙයා..."
ෂාන් එක දිගට යිබෝ එක්ක තර්ක කරගෙන ආවට අන්තිමට යිබෝ කිව්ව දේට උත්තර දීගන්න බැරි වුනාම එයා කලේ හයියෙන් යිබෝගේ පිට හපපු එක....
" ආව්... යක්ස මුගටියා....තවත් හපන්න එපා ඕයි... ඊයේ හපපුවා මදිද...?? බලනවා මගේ සුදු උරහිස ගන්න දෙයක් නැහැ...... "
" තවුසෙගේ උරහිස විතරයිනේ මගේ මුලු ඇගම කහබිලියා ගෑවිලා වගේ හැම තැනම පැල්ලම්.... "
ෂාන් කියපු දේ එක්ක දෙයක් මතක් වුන යිබෝ බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබුන ටැබ්ලට් එකක් ෂාන්ට දික් කලා...
" මොනවද මේ.... ??"
" බය නැතුව බොනවා.... කාට වහ දුන්නත් තමුසේට මම වහ දෙන්නේ නැහැ.... "
" කිව්ව විදිහට නම් ආදරේ හිතෙනවා.. බට් නෝ තැන්ක්ස් මෙයා .... අපේ මමා කියලා තියෙන්නේ නැගිට්ට ගමන් බෙහෙත් බොන්න හොද නැහැලු.... "
ESTÁS LEYENDO
Agent Happy ( Yizhan ff ) ✔️
FanficI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...