Wang Yibo's P.O.V
වසර හතරකට පසු....
පරක්කු වෙලා අදත් ගෙදරට ආව මම ගේ ඇතුලට අඩිය තිබ්බ ගමන් හොයන් ගියේ මගේ සතුට , සැනසීම තිබුන තැන...
මගේ ලොකු බබාවයි , ලොකු බබාගේ චූටි බබාවයි...
" ඉතින් පුතූ..අර චූචි බස්සා ඔක්කොම බස්සෝ නිදා ගන්නකම් හිටියලු..."
මගේ කොල්ලව නිදි කරවගන්න මට කිව්ව පරණ තැටියම එයා ප්ලේ කරනවා...පපාට හරියන පුතා එයාටත් බස්සගේ කතාව නැත්තම් කන්න බැහැ , නිදියන බැහැ හැමදේකටම ඒ මගුලම තමයි ...හැබැයි වැඩේ කියන්නේ තාමත් ඒ කතාවේ අන්තිමට මොනවද වුනේ කියලා මට අහගන්න බැරි වුන එක...
" අදත් ඉතින් ඒකමද... "
එයා පුතාව උරහිසේ ඔලුව තියන් එහාටයි මෙහාටයි ඇවිද ඇවිද පුතාව නිදි කරනවා..
" ඔන්න පුතූ ලොකු බස්සා ඇවිත්... "" ඇත්තටම බබා ඔය කතාව ඔයාට එපා වෙන්නේ නැද්ද... "
" ඒයි මගේ කතාවට විතරක් මුකුත් කියන් එන්න එපා..! ඒක තමයි මගේ ෆේවරිට්.. "
මට ඔරගෙන එයා කියනකොට මගේ චූටියා මාව දැකලා ඔලුව ඉස්සුවා...
" ප..පා..බත්ආ...!"
" ඒයි...ඒපාර ඔයත් පටන් ගත්තද පපාගේ එක... ආ...ඩැඩාට ඔයත් බස්සා කියනවද..."
මට එයා බස්සා කියන පුරුද්දටම අපි දෙන්නගේ චුට්ටත් මට බස්සා කියනකොට මම මගේ චූටි බෝලේගේ නලලට හාදුවක් තිබ්බා. නිදි මතේ හිටියට මාව දැක්ක ගමන් හිනා වෙන චූටි දතුත් පෙන්නගෙන..
ලියාන්...මීට අවුරුදු දෙකහාමාරකට කලින් එයයි මමයි හදාගන්න ගත්ත චූටි කොලු පැටියා... දැන් අපි දෙන්නගේ පණ...
මුලින්ම මට වඩා එයාටයි දරුවෙක් ඕන වුනේ... ගැහැනියෙක්ට වගේ මට දරුවෙක් දෙන්න බැරි වෙන එක ගැන එයාගේ හිතේ පුංචිම දුකක්වත් ඇති කරන්න තිබුන බයටම මම දරුවෙක් ගැන කතාව අපි දෙන්නා අතරට අරන් ආවේ නැතත් මැරි කරපු කපල්ස් එයාලගේ ලමයි හුරතල් කරන විදිහ දැක්කම එයාට දරුවෙක් ඕන වුනා...
අපි වෙනුවෙන්ම ලමයෙක් උපදිනවට වඩා අම්මා තාත්තාගේ වැරදි වලට අසරණ වුන ලමයෙක්ට පිහිට වෙන්න අපි දෙන්නා තීරණය කලා... ඒ විදිහට කොරියාවේදි අපි ලගට ආව චූටි වස්තුව තමයි ලියාන්..වන්ග් ලියාන්...
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...