Xiao Zhan P.O.V
මුහුන හරියට පේන්නෙ නැති වුනාට බ්ලැක් කාර් එකෙන් බැස්සේ බ්ලැක් සූට් එකක් ඇදගත්ත කොල්ලෙක්. පොර වෙන්න ඕන යැන්ජිගේ හිනා වෙන්නෙ නැති බස්සා..දුරටනම් පොර හැන්ඩ්සම් වගේ ලගට ගිහින් තමයි හරියට ස්කෑන් පාරක් දාන්න ඕන.. ගොඩක් ඒවා දුරට ඇපල් වුනාට ලගට ආවම තැලිච්ච පැපොල් නැත්නම් කාබන් ගාපු පැපොල්.ඔෆිස් එකේ තිබුන ෆොටෝ එකත් කවුද දන්නේ ෆොටෝශොප්ද කියලා.
සේප් එකේ බැල්කනි එකෙන් ඇතුලට ඇවිත් රූම් එකෙන් එලියට ගිහින් Railing වැට ළඟ ඉදන් බිම බැලුවා.. හම්මා..!! මිනිහා ගේ ඇතුලට ආවේ mission impossible එකේ ටොම් කෘස් ගේ ගමන් විලාසයෙන්.. ෆෝටෝ එකටත් වඩා හතර පස් ගුණයකින් මිනිහා හැන්ඩ්සම් එකෙන්ම පොෂ්...
" මේරි..!! මේරි.... !!"
මේ යකා ආපු ගමන් මේරි කියලා කෑගහන්න ගත්තා.. ඇදුම වෙනස් වුනාට මිනිහා සැන්ටා ද දන්නෙ නැහැ මේරි මේරි කියන්නේ. නැහැ ඉතින් merry merry christmas කියන්නේ සැන්ටානේ. සැන්ටාගෙන් තෑග්ගක් ඉල්ලගන්න තිබ්බ මගේ හවස හීනේ කඩලා දාලා කොහේද ඉදන් ගැහැනු කෙනෙක් ආවා එයා ලගට.
අර සැන්ටා මේරි එක හොරෙන් ටික වෙලාවක් මොන මොනවද කුටු කුටු ගෑවා මට ඇහුණේ නැහැ මම ඉන්නේ උඩ තට්ටුවෙනේ. කියවිල්ල ඉවර වෙලා මේරි ඔලුව නමලා ආයේ යනකොට සැන්ටා පඩිපෙළ පැත්තට ඇවිදගෙන ආවා. මම හීමීට මගේ රූම් එකට ලෙෆ්ට් වුනා.. පහලා ඉදන් දැක්ක විදිහට එයා ඉන්නේ යක්ෂ වර්ෂන් එකෙන් වෝශ් එකක් දාලා කරලම මීට් වෙන්න යනවා කියලා හිතාගෙන මම රූම් එකට ආවා.
🖌️🖌️🖌️🖌️🖌️
" මොකක්ද අදින්නේ.... මේක හොදද... "
" හ්ම්ම්ම් ඒක හරියන්නේ නැහැ නේ... මේක.... අහ්හ්හ්.... "
වෝශ් එකක් දාගෙන ඇවිත් දැන් විනාඩි පහලවක් තිස්සේ මම අදින්න ඇදුමක් බලනවා ඒත් එකක්වත් සෙට් වුනේ නැහැ.... මගේම ඇදුම් මට හරි නැහැ... එක අතකට වෙඩිමක් බලන්න යන්න වගේ සැරෙන් සැරේ ඇදුම් මාරු කරනවට වඩා කවුදත් මගේ මිතුරා බ්ලැක් හූඩිය ඇදගත්තා.
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...