😉 Mission 05 😉

1.1K 268 45
                                    


Xiao Zhan's P.O.V

වැටුන තැන කලන්තෙ දාලා වගේ නිදාගන්න තියෙන හැකියාව නිසාම පිට ගෙදරක වුනත් ගෙම්බා පොලොවේ ගැහුව ගානට මට ඊයේ නින්ද ගියා..යාන්තමට එක ඇහැක් ඇරලා අත ගාලා ෆෝන් එක හොයාගෙන මම  වෙලාව බැලුවා.

" හම්මා... දවල් කෑම වෙලාවනේ.... "

වෙලාව දොළහයි.. මමාගේ එලාම් එක නැතුව පශ්චාත් භාගෙට සන්ලයිට් එක වදිනකන් නිදාගෙන.. ඔලුව කස කසම වට පිට බලනකොට දැක්කේ බිත්‍තියේ ගහලා තියෙන දාඩාර ෆොටෝ එක.

 ඔලුව කස කසම වට පිට බලනකොට දැක්කේ බිත්‍තියේ ගහලා තියෙන දාඩාර ෆොටෝ එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හී..හීහී... ගුඩ් ආෆ්ටර් නූන් Mr.Wang... ඊයේ රෑ හොදට නින්ද ගියාද... බය වෙන්න එපා මට නම් හොදටට නින්ද ගියා... "

හැන්ඩ්සම් බස්සාගේ ෆොටෝ එක දිහා බලාගෙන කියවලා මම ඇඳෙන් බිමට බැස්සා.. අද උදේම දැක්කේ එයාව නිසා මොනවයින් මොනවා වෙයිද කියලා හිත හිතම එයාගේ රූම් එකෙන් එලියට ඇවිත් මගේ රූම් එකේ දොර ඇරියා..

මගේ රූම් එකේ ඇද උඩවත් ඉදගන්නේ නැතුවම බාතෲම් එකට රිංගලා දත කට මැදලා පත සයිස් බාත් ටබ් එකට බැහැලා පැයක් විතර සනීපෙට නාගත්තා... වැස්සට ඔලුව අල්ලනවා වගේ එන අපේ ගෙදර ෂවර් එකෙන් නාපු මට කවුද හිතුවේ මෙහෙම එකක නාන්න පුලුවන් වෙයි කියලා...දැන් තමයි හිතෙන්නේ මමාට හොරෙන් මෙහේ ආව එක හොදයි කියලා..

"හේයී බේබි ඩ්‍රොප් ඉට් ඩවුන්... ජස්ට් ගොන බේ.... බේලි ඩාන්සර්... ඩුහ්.. ඩුහ්හ්... "

මේ දවස්වල ටික් ටොක් වල ට්‍රෙන්ඩින් සින්දුවකුත් කියාගෙන එකේ තාලේටම ඉනත් හොල්ලලා බාතෲම් එකේම අයිනක එල්ලා තිබ්බ සුදුපාට බාත් රෝබ් එකත් ඇගේ පටලවන් මම එලියට ආවා ඇදුමක් හොයාගන්න හිතාගෙන.

Agent Happy  ( Yizhan ff ) ✔️Where stories live. Discover now