😉 Mission 35 😉

958 222 29
                                    


Author's P.O.V

භාගෙට විවර වෙලා තිබුන දොර ඇරගෙන යිබෝ ඇතුලට යනකොට ශාන් බැල්කනි එකේ ඉන්නවා කියලා දැක්කා...

යිබෝ ලගට ඇවිත් එහා පැත්තෙන් හිටගන්නකොට ශාන් දැක්කේ නැහැ වගේ අහක බලාගත්තේ දැන් යිබෝ මෙතන මොනවා කිව්වත් සමාව දෙන්නේ නැහැමයි කියලා හිතාගෙන....

" බබා.. මම කියන දේ අහන්න-"

" මොනවා අහන්නද ආ... මොනවද අහන්න තියෙන්නේ...!"

යිබෝ කතා කරලා ඉවර කරන්නත් කලින් ඇගිල්ලකුත් දික් කරන් යිබෝගේ පැත්ත හැරිලා ශාන් කෑගැහුවේ කේන්තියෙන්...

" ලෝකේ තියෙන ඔක්කොම ජරා වචන ටික කියලා අම්මටයි පුතාටයි ඕන වෙලාවට මාව එලියට දාන්නයි... ඊටපස්සේ ඕන වෙනකොට කිඩ්නැප් කරලා කසාද බදින්නයි...මම කවුරු කියලද තමුන් හිතාන ඉන්නේ ..  !!"

" බබා එදා මම හිටිය තත්ත්වෙත් එක්ක මමාව මට නවත්තන්න පුලුවන් කමක් තිබුනේ නැහැ මිසක් මම ඔයාට එක වචනයක් කිව්වද...."

" යැන්ජිගේ වචනවලට වඩා මට ගොඩක්ම රිදුනේ ඒකයි... මම දන්නවා තමුන් මට ආදරේයි කියල... ඒක මට දැනෙනවා... සූහීව අනිද්දා මැරි කරන්න තියෙද්දිත් යැන්ජිටත්  පිටින් ගිහින් මාව හොයාගෙන ආවේ ඒ ආදරේ හින්දා කීයලයි... අන්න ඒ හේතුවටමයි මම මගේ මමා ගැනවත් දෙපාරක් හිතන්නේ නැතුව මැරි කලේ.... ඒත් ඇයි ඔයා මේ තරම් දේවල් මගෙන් හංගන්නේ... !!"

" මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න බබා..."

යිබෝ ශාන්ගේ අතින් අල්ලන්න හදනකොට ශාන් ඒ අත ගස්සලා දැම්මා...

" මොනවා අහන්නද... ඒවත් මට හොරෙන් කරලා අන්තිම මොහොතේ සප්‍රයිස් කියලා මට රිද්දවන්න.... අඩුම ගානේ මගේ මමාව ඔයා දන්නවා කියන එකවත් මට කියන්න ඕනේ කියලා හිතුන් නැද්ද යිබෝ... එයාගේ එකම පුතාගේ කසාදයට එන්න බැරි වුන එක ගැන මමා දුක් වෙයි කියලා හිතලා මම කොයිතරම් නම් දුක් වුනාද...මමා මාත් එක්ක ආයේ ජිවීතේට කතා කරන එකක් නැති වෙයි කියලා මම හිතුවේ... ඒත් බලනකොට මෙතන මෝඩයා වෙලා තියෙන්නේ මමනේ.... "

බෙල්ලේ නහරවල් ඉල්ලිප්පෙන්න කෑගහන ශාන් දිහා බලලා යිබෝ දිග හුස්මක් පහලට දැම්මා... කේන්තියට මුහුනත් රතු කරන් ඉන්න ශාන් දැන් තමන් මොනවා කිව්වත් පිලිගන්න  ගන්න පුලුවන් තත්වෙක නෙමෙයි ඉන්නේ කියලා යිබෝට තේරුනාම ශාන්ට කතා කරන වැඩේ යිබෝ අතහැරලා දැම්මා...

Agent Happy  ( Yizhan ff ) ✔️Donde viven las historias. Descúbrelo ahora