Author's P.O.V
" දූ ඔයා කිව්ව බෝයිද අර යිබෝ පුතා ළඟ හිටියේ..... ?"
ලිහෝ ඇහුවේ යිබෝගේ Mansion එකෙන් එන ගමන් කාර් එක ඩ්‍රයිව් කරන අතරේදි.....
" වෙන කවුද ඉතින්... දැක්කේ නැද්ද ඔක්කොම එලිය දාගෙන කොට කලිසමක් ඇදගෙන යිබෝගේ ඇගේ ඇලිගෙන හිටපු හැටි..... ඇග විකුණලා යිබෝව අල්ලගත්තා.... ජරා සතා..... "
"Mmm... interesting.... "
ලිහෝ සාමාන්‍ය විදිහට කියද්දි සූහීගේ මුහුන දැනුන කේන්තියට රතු වුනා....
" ඔයා කොහොමද පපා තාමත් මුකුත් නොව්න ගානට කතා කරන්නේ.. අවුරුදු ගානකට කලින් ඔයා කිව්ව නිසා යිබෝට ආදරේ කරලත් එයාව අතහැරලා කුවාන්ව මැරි කලා... එතකොට ඔයා කිව්වේ මොනාද ප්‍රශ්නේ විසද ගන්නකල් විතරයි මේ රගපෑම කිව්වට මගේ බඩට දරුවෙක් එනකනුත් ඔයාට බැරි වුනා මුකුත් කරගන්න....දරුවා Abortion කරන්න හදනකොට මාව නැවැත්තුවා දරුවා මාර්ගෙන් සේරම කරගමු කියලා...ඊටපස්සේ කුවාන් සේරම ඇත්ත දැනගත්තට පස්සේ දරුවෙක් එක්ක මාව තනි කරලා මගේම පපා මාව කනවැන්දුම් කලා... ඒත් මම කට වහගෙන හිටියේ කුවාන් මගේ ජිවීතෙන් අයින් වුනාට පස්සේ යිබෝව ආයේ මට ලං කරගන්න පුලුවන් වෙයි කියලා හිතලා.... ශෙවාන්ට යිබෝට පපා කියන්න කියලත් මම ඉගැන්නුවේ ඒක හින්දමයි.... එත් අන්තිමට මොකද වුනේ ආ.... කොහෙදෝ ඉදන් ආව අර කිසි වැදගැම්මකට නැති මුඩුක්කු සතා යිබෝගේ ඇගේ එල්ලුනා....
මුල ඉදන් ඔයා කියන කියන විදිහට නටලා දැන් මුකුත්ම නොකර අත පිහාගන්නද ඔයා රෙඩි වෙන්නේ පපා.... ඌට යිබෝව අයිති වෙනකන් බලාගෙනද ඔයා ඉන්නේ.... එක පාරක් ඌව මරන්න බැරි වුනාම වැඩේ අතහැරලා දානවද....???"
" හාඅහ්හ්හ්හ්හ්හ්හ් ....!!"
හැමදාම තමන්ගේ කීමට පිටින් නොගිය සූහී අද කේන්තියෙන් තමන්ටම කෑගහන විදිහ දැක්කම ලිහෝ හයියෙන් ස්ටයරින් වීල් එකට අතින් ගහන් හිනා වෙනකොට ලිහෝ මේ විදිහට හිනා වෙනවා දැක්ක පලවෙනි වතාව නිසා සූහී හිටියේ බයවෙලා....
" tsk...tsk.. බලන්නකෝ මගේ බයගුලු කෙල්ලගේ කටට පණ ඇවිත් තියෙන විදිහ.... හාඅහ්හ....ඔය සද්දේන් නම් මාව බය කරන්න පොඩ්ඩක් අමාරු වෙයි.... "
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...