😉 Mission 22 😉

1.1K 256 47
                                    


Author's P.O.V



" බබා දැන්වත් ඔය මගුල නවත්තන්න..... !" 

එයාර්පෝර්ට් එකේ Waiting area එකට වෙලා ෆොටෝස් ගන්න ෂාන්ට යිබෝ මේ කතා කලේ පස් වෙනි හෝ හයවෙනි පාර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාර්පෝර්ට් එකේ Waiting area එකට වෙලා ෆොටෝස් ගන්න ෂාන්ට යිබෝ මේ කතා කලේ පස් වෙනි හෝ හයවෙනි පාර ... එතකොට එයාර්පෝර්ට් එකට ඇවිත් ඕක කිව්ව කී වෙනි පාරද කියලා යිබෝට මතකයක් තිබ්බේ නැහැ...

ආයේ ෂාන් එක්ක ගනුදෙනු කරනකොට එයාගේ හිත නොරිදන්න පරිස්සම් වෙනවා කියලා යිබෝ හිතාගත්තේ සති එකහමාරකට කලින් දෙන්නා යුධ වැදුණ දවසෙමයි.... ඒක හින්දම මේ සති එකහමාරේ ෂාන්ගේ පාස්පොර්ට් එක හදන තැන ඉදන් හැමදේකදිම ෂාන් කරපු මගෝඩි ඔක්කොම යිබෝ බොහෝ අමාරුවෙන් උනත් ඉවසන් හිටියා...

ඒ ඉවසීම නැති වෙන්න අන්තිම ගැට්ටේ හිටිය යීබෝ ෂාන්ට අවසාන වතාවටත් කෑගැහුවේ එයාපෝර්ට් එකේ Entrance එක ගාව ඉදලා Waiting area , Duty free එකෙයි , වොශ් රූම් එකෙයි  , කැෆේ එකයි කොටින්ම කිව්වොත් එයාර්පෝර්ට් එකේ දකින දකින කනුත් බදාගෙන ෆොටෝ ගහන එක නවත්තන්නෙම නැති තැන... ෆෝටෝ විස්සකට විතර හිටිය යීබෝට ෆෝටෝ ගැහැල්ල දැනටම එපා වෙලා තියෙනකොට ඒ වගේ දෙගුනයකටත් වඩා ෆෝටෝස් ගත්ත ෂාන් අර හා දත් දෙකත් එලියේ දාන් තවත් ෆෝටෝ ගන්නේ කොහොමද කියලා යීබෝට හිතාගන්න බැරි වුනා....

" හරි ඉන්න අනේ අන්තිම එක මේ....... "

කෑ ගහන යීබෝගේ දිහා පිටිපස්ස හැරිලා බලපු ෂාන් එහෙම කියලා ආයේත් අතින් දෙක පෙන්නගෙන ඈතින් ඉන්න චෙක් කරන්න ඉන්න ලේඩි ඔෆිසරව පේන්න තවත් ෆෝටෝ එකක් ගත්තා...

තාම ජපානෙට යන්න ෆ්ලයිට් එකට අඩියවත් තිබ්බේ නැතුව මෙහෙම ෂාන් හැසිරෙනවා කියලා මතක් වුනාම යීබෝ එයාගේ නලල දෙපැත්ත මසාජ් කරගෙන ෂාන්ට ආයේ වතාවක් කතා කලා...

Agent Happy  ( Yizhan ff ) ✔️Where stories live. Discover now