Xiao Zhan's P.O.V
" අපි කොහෙද මේ යන්නේ.. "
මගේ අතින් අල්ලගෙන කෑලෑවක් මැදින් යන බස්සගෙන් මම ඇහුවේ ඉන්න තැන මට හරියට හොයාගන්න බැරි හින්දා...
" තව පොඩ්ඩයි... ගිහින්ම බලමුකෝ... "
" මේ මොක්කු ඉන්නවද දන්නේ නැහැ... ඔයත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මාව උස්සන් ආවානේ... නිකන් හරි සිංහයෙක් පැන්නොත් මොකද කරන්නේ... "
" සිංහයෝ ඉන්නේ කෑලේ නෙමෙයි...."
" එහෙනම් මොන මගුලටද කෑලේ රජා සිංහයා කියන්නේ...විකාර.. "
" ඔන්න අපි තැනට ආවා.... "
අපි හිටන් හිටියේ හෙන..... උස දියැල්ලක් පටන් ගන්න තැනක...
" ඇයි අපි මෙතනට ආවේ.... "
" පනින්න... "
දියඇල්ලෙන් පහල බලපු මම බයටම අඩියක් පස්සට ගත්තා...
" පනින්න...!! තමුසේට පිස්සු තද වෙලාද..."
" ඔයා මට ආදරේයි නම් මෙතනින් පනින්න ඕනේමයි ශාන්... "
බස්සා දිය ඇල්ල දිහාවට පනින්න කිය කිය මාව අදිනකොට මම ඒ අත ගසලා දාලා දුවන්න පටන්ගත්තා...
" මට බැහැ...!!"
" බැහැ...!!"
"බැහැ.................................................................................................................................................................................................................................................................................................................."
" ශාන් නැගිටපන්...!!!"
කම්මුලට වැදුන පාරත් එක්ක මම ඇස් අරිනකොට මගේ මුහුනට එබීගෙන හිටියේ මමා...
" මොකද බන් නින්දෙන් බෙරිහන් දෙන්නේ....! "
අහ්.. ඒක හීනයක්... කෙනා වෙනස් වුනත් මගේ හීන හැමදාම ඉවර වෙන්නේ කොහෙන් හරි බිමට වැටිලා...සැක්..!
ඒත් ඇයි මමා මාව ඇහැරුවේ...කෝ මගේ මිනිහා....
එයා ඊයේ නිදන් හිටිය තැන බලනකොට හිස්...
" කොහෙද යිබෝ.... "
" ඉස්සර තමයි උබලා නැගිට්ට ගමන් මමා කියන් එන්නේ...ඒකට දැන් නැගිට්ට ගමන් මිනිහා හොයපන්.."
VOUS LISEZ
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...