😉 Mission 30 😉

927 216 34
                                    

Author's P.O.V




" බස්සෝ ඇයි අපි දැන්ම ගෙදර යන්නේ.... යැන්ජි අපිට ඉන්වයිට් කලේ ඩිනර් එකට නේද ..... "

ඊයේ යැන්ජිව බලන්න යිබෝ ෂාන් එක්ක එනවා කිව්වම යැන්ජි කිව්වේම ඩිනර් එකට ඇවිත් එහෙමම රෑ එහේ නැවතිලා පහුවෙනිදා ආයේ ගෙදර යන්න කියලා.... යැන්ජිගේ ගෙදර රෑ නවතින්න යිබෝගේ අදහසක් කලින් ඉදන්ම නොතිබුනාට ඩිනර් එක එහෙදී ගන්න විත්තිය යිබෝ ෂාන්‍ට කියලා තිබුනේ....එහෙව් එකේ එහෙට ගිහින් ජූස් එකක් විතරක් බීලා ගිය පයින්ම ආයේ ගෙදර යන්න මොකක්ද තිබුන හේතුව කියලා ෂාන් කොච්චර හිතුවත් හිතාගන්න බැරි වුනා.....

" මමාට හදිසි Appointment එකක් වැටිලා...."

" මං දන්න විදිහට ඔයා තමයි Surgeon... ඔයාගේ මමා psychiatrist..... surgeon කෙනෙක්ට හදිසි Appointment වැටෙන එක තේරුම් ගන්න පුලුවන් වුනත් ඔයාගේ මමාට වැටුන එක තමයි පුදුමේ....  ඊයේ රෑ ඇහුවම යැන්ජි කිව්වේ අද දවසම එයා ෆී කියලනේ..... "

" VIP patient කෙනෙක්..... "

" හාකෝ... මං විශ්වාස කලා... "

ෂාන් කිව්වේ අත් දෙක පපුවට බැදන් ෂටර්    එකෙන් අහක බලාගෙන.... ආයේ යිබෝගේ Mansion එකට එනකන්ම දෙන්නා අතර වචන හුවමාරුවක් තිබ්බේ නැහැ වගේමයි ඩිනර් ගන්න එන්නම් කියලා ගිය යිබෝ එනකන් ෂාන් ඩයිනින් ටේබල් එකේ බලන් හිටියට යිබෝ ඔෆිස් රූම් එකෙන් එලියට ආවේ නැහැ......

මොකක්ම හරි අවුලක් වෙලා තියෙනවා කියලා කාර් එකේදීම ෂාන්ට තේරුනාට එයා බලාගෙන හිටියේ ඩිනර් ටයිම් එකේදීවත් යිබෝගෙන් ඒ ගැන අහන්න.... එහෙත් ෂාන් හිතුව විදිහට යිබෝ ඩිනර් ගන්න පහලට ආවේ නැති එකේ ෂාන් ගියේ යිබෝගේ ඔෆිස් එකට එයාව හොයාගෙන .....

දොරට තට්ටුවක්වත් නොදා ෂාන් මුලින්ම ඔලුව විතරක් ඇතුලට දාලා හොරෙන් බැලුවේ කන්නෙවත් නැතුව යිබෝ මොකක්ද කරන්නේ කියලා බලන්න..... යිබෝ හිටියේ එයාගේ ඔෆිස් චෙයාර් එකට ඔලුව බරකරගෙන ඇස් වහගෙන..... නිදි වගේ පෙනුනට ඉහල පහල යන උගුරු ගැටයෙන් යිබෝ ඉන්නේ නින්දක නෙමෙයි වෙන කල්පනාවක කියලා ෂාන්ට තේරුනා.....

" මොකද බර කල්පනාවක.... බිත්තරේද මුලින්ම ආවේ නැත්නම් කිකිලිද කියලා කල්පනා කරනවද ආ..... "

Agent Happy  ( Yizhan ff ) ✔️Donde viven las historias. Descúbrelo ahora