😉 Mission 06 😉

1.3K 267 61
                                    

Xiao Zhan's P.O.V

මම කතා කර කර ඉන්නකොට අර බස්සා එක පාරට මාව පූල් එකට තල්ලුකරා... පූල්එකට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි බේරෙන්න හිතාගෙන බස්සාගේ ටයි එකේ මම එල්ලෙනකොට හිතුවේ නැති විදිහට බස්සාවත් මාත් එක්කම පූල් එකට වැටුනා... ඉවරයි !!!

' ජබොක්ස් !!' දෙන්නත් එක්කම පූල් එකේ... මට ඇත්තටම ඕන වුනේ නැහැ එයාවත් පූල් එකට ඇදගෙන යන්න මට ඕන වුනේ බේරෙන්න.. ගිලෙන්න යන මිනිහත් පිදුරු ගහේ එල්ලෙනවා වෙනුවට මම අලුත් එකක් හැදුවා.. ෂියාඕ ෂාන් බේරෙන්න වන්ග් යීබෝගේ ටයි එකේ එල්ලුනා වගේ...

එකපාරට වැටුන ගමන් දෙන්නත් එක්කම පූල් එකේ යටට යනකොට එයා වතුරෙන් උඩට ආවට මට ඒක කරගන්න බැරි වුනා.... හිතන්නෙවත් නැති විදිහට එයත් එක්කම වතුරට වැටුනම මට කරකියාගන්න දෙයක් නැති වුනා ඔක්කොටම වඩා මේ අහිංසක හාවට පීනන්න දන්නේ නැහැ ප්‍රේක්ෂක නරබන්නනී....

" බේබි!!!"

උඩට යන්න ඕන වුනාට මට හරියට හුස්ම අල්ලගෙන ඉන්නවත් බැරි වුනා... අන්තිමට මට ඇහුණේ ඇලෙක්ස් කෑගහන සද්දේත් එක්ක මගේ වට පිටාව කලුවර වෙනවා දැනෙනකොට කවුරු හරි මාව බදාගත්තා....
*
*
*
*
*
"කැ..හ්..! කැහ්..!! ක්..හැ...!! " හිර වෙලා තිබුන වතුර එලියට දාගෙන කැහැගෙනම මම ඇස් දෙක ඇරියා... ඒත් එක්කම කවුරු හරි මාව පැත්තකට ඇල කලා පපුව තද කර කර...

ටික වෙලවක් යනකන් හරි සිහිය නොතිබුණ මම වට පිට බැලුවා... කොහෙද මම ඉන්නේ... ගෙදර නම් නෙමෙයි එලියේ.... මොනාද වුනේ... ??

" හොදට හුස්ම ගන්න...!!!"

බස්සාගේ කටහඩ... එයා මගේ මුහුන දෙපැත්තට ගහනවා...

" මාව ඇහෙනවද.... "

" අහ්හ්හ්...!!!!!" වුනේ මොනාද කියලා මතක් වුනාම මම කෑගහගෙන ඉදගත්තා... බස්සා මාව වතුරට තල්ලු කලා... තව පොඩ්ඩෙන් මම එහා ලොකේට ටිකට් එක ගහනවා!!!

" ත්..තමුසේ... මාව මරන්න හැදුවා....බයික් වල රෙදි වේලෙන්න දැම්ම එකට පලිගන්න මාව වතුරට තල්ලු කරලා මරන්න හැදුවා...!!! ඉන්නවා මම පොලිසි යනවා...!! ඊයේ පඩිපෙලෙන් මාව තල්ලු කලා අද පූල් එකට...!! මම තමුසේට විරුද්ධව නඩු දානවා... මීනි මැරීමට තැක් කීරිම...!!!"

Agent Happy  ( Yizhan ff ) ✔️Donde viven las historias. Descúbrelo ahora