Author's P.O.Vගෙවී ගිය දිගු රැයේ එක තප්පරයක් හෝ නින්දක් නැතිව රතු වෙලා තියෙන ඇස් තමන්ගේ වෙඩින් එකට ඩෙකරේට් කරලා තියෙන Ji liho Mansion එකේ Garden එක පුරා අරගෙන ගියා.... උදේ අතට ගෙනත් දෙනකන්වත් මොන පාටද කියලා නොදැන හිටිය Suit එකත් ඇදන් යිබෝ ඇවිත් හිටිය guests ලා ඉස්සරහ හිටගෙන හිටියේ රූකඩයක් ගානට.... දෙවෙනි වතාවටත් කසාද බදින ලමයෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ වෙඩින් එකකට මේ තරම් සෙනගක් ගෙන්න ගත්තේ මොන අරමුණින්ද කියලා යිබෝට මතක් වුනාම එයාගේ කට කොනට හිනාවක් ආවා....
' මූට ඕන කරන්නේ ඌගේ දුවව වන්ග් යිබෝට බන්දලා දෙනවා කියලා ලෝකෙටම අඬබෙර ගහන්න..... '
යිබෝගේ ඇස් ඊලගට නැවතුනේ මුල්ම පේලියේ පැත්තකට වෙන්න ඉදගෙන එයා දිහා බලන් ඉන්න එයාගේ මමා යැන්ජි ගාව.... යිබෝ දවස් තුනකට පස්සේ යැන්ජිව දැක්ක පලවෙනි වතාව මේක වුනා... කෝල්ස් කොච්චර අරගෙන තිබුනත් එයාට ඕන කරන උත්තරේ මමාගෙන් නොලැබෙන බව දන්න හින්දාම යිබෝ ඒ හැම කෝල් එකක්ම මග හැරියේ ඕන කමින්මයි.... දැන් වුනත් යැන්ජිගේ මුහුනේ දුකයි, වරදකාරි බවයි ලියවිලා තිබුනට යිබෝ ආයේත් එයාගේ මමාව මග හැරලා අනිත් පැත්ත බලාගත්තා....
නින්ද නොගිය නිසා ඇගට දැනුන පොඩි අමාරුවත් එක්ක වට පිට බල බල යිබෝ හිටගෙන හිටියේ කම්මැලි කමේ... ඒත් වැඩි වෙලාවක් නොයා පොඩි කෙල්ලෙක් මල් බාස්කට් එකක් අරගෙන ඉස්සරහෙන් ඇවිදගෙන එනකොට ඊට පිටි පස්සෙන් ගොඩක් වටින ලස්සන දිග Whit wedding frock එකක් ඇදගෙන ලිහෝගේ අතේ එල්ලිලා සූහි ආවේ Bride ව දැකලා ඉදගෙන හිටපු හැමෝම එයාලගේ සීට්ස් වලින් නැගිටිනකොට....
" මගේ දුවව සතුටින් බලාගන්න... අද ඉදන් එයාව ඔයාට භාරයි පුතා.... "
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...