Xiao Zhan's P.O.V
අඩියට දෙකට මගේ ඉස්සරහට ආව වැදිරි මට ගහන්න අත උස්සනකොටම මගේ පිටි පස්සෙන් ඉස්සරහට ආව බස්සා වැදිරිගේ අත තදකරලා අල්ලගත්තා...
" යී..බෝ මොනාද කරන්නේ... මගේ අත අතහරිනවා... !!! අද තමයි මූ මගෙන් හොද පාඩමක් ඉගෙන ගන්නේ....!! "
අර කැත වැදිරි මගේ බස්සාගෙන් අත ගලවගන්න දත්මිටි කනකොට මගේ ලවින් බස්සා තඩි තාප්පයක් වගේ මගේ ඉස්සරහ හිටගෙන හිටියේ පණ පුදා ඔබ රැකගන්නම් මගේ සොදුරිය වගේ ගැම්මෙන්....
" නෝ තැන්ක්ස් මෙයා..... වදුරු භාසාව ඉගෙන ගන්න තරම් තාම වුවමනාවක් මට ආවේ නැහැ.... සත්තු වත්තේ යන්න ඕං වුනොත් එන්නම්කෝ ඔයා ගාවට.... "
" මොකක්ද තමුසේ කිව්වේ... !!!"
" කිව්වෙ ඇහුණේ දේ තමයි .... අහ්..! මට අමතක වුනානේ තමුන්ට මිනිස් භාසාව තේරෙන්නෙ නැහැ කියලා... ඒක තමයි එකම දේ ආයේ ආයේ අහන්නේ... "
" කවුද මිනිහෝ සතා... ඇගේ තියෙන අසහනේ යවා ගන්න අහක ඉන්න මිනිස්සුන්ට බලෙන් දෙන්න යන උබනේ තිරිසනා....!!!"
ජිවිතේට කවුරුත් කියලා නැති වචන ටිකකින් අර නපුරු වැදිරි මගේ මුහුනට දමලා ගහනකොට කතා කරගන්න බැරුව නතර වුන මං වෙනුවට ඔෆිස් රූම් එක දෙක වෙන්න ඇහුණේ මගේ බස්සාගේ කටහඬ...
" MIND YOUR LANGUAGE SOOHI..... !!!"
හිතුවෙවත් නැති වෙලාවක ඇහුන කන් දෙදරලා යන බස්සාගේ කෑගහිල්ලත් එක්ක සූහී වගේම සූහි කියපු දේවල් ගැන කල්පනා කරන ගමන් හිටිය මමත් ගැස්සුනා... හැබැයි කොයිතරම් හයියෙන් කෑගැහුවත් වැඩක් නැහැ... මේ ගැනී ආයේ වක්කඩේ ඇරියා වගේ කියවන්න ගත්තා...
" යිබෝ ඔයා මටද බනින්නේ....!! ඔයා දැක්කේ නැද්ද මේ ජරා කොල්ලා ඔයාගේ ඇගේ එල්ලිගෙන හිටපු විදිහ... !!ජරා මුඩුක්කු වල ඉදන් ආපු එවුන් ළඟ මොන මොන ලෙඩ තියෙනවද කවුද දන්නේ... "
" සුහී මම තමුන්ට දැන් එකපාරකුත් කිව්වා... ජාන්ට ඔහොම කතා කරන්න එපා... එයා මගේ Boyfriend.... මම කැමති නැහැ කවුරුත් එයාට නරක විදිහට කතා කරනවට...... "
" මොනාද යිබෝ මේ කියවන්නේ....!!ඇගේ ඇලෙන්න ආපු පලියට ඔයත් මූට රැවටුනාද....! කවුද දන්නේ කී දෙනෙක්ගේ ඇගවල් වල නැගලා මොන ජරා ලෙඩ බෝ කරන් ඉන්නවද කියලා.... !! "
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...