Xiao Zhan's P.O.V
ඊයේ රෑ එයත් එක්ක ඔෆිස් යන්න එන්න කිව්වා විතරයි උදේ ඇලෙක්ස්ගේ අතේ මට සූට් එකකුත් එවලා තිබ්බා... මං දන්නේ නැහැ මේක කාගේ එකක්ද කියලා එයාගේ වුනා නම් මට මේක ලොකු වෙන්න ඕන වැඩේ කියන්නේ මට ගානට මිම්මට මහලා වගේ සෙට් වෙනවනේ.... ඊයේ රෑ එන්න කිව්වට දවස් ගානක් තිස්සේ මේකා මාව ඔෆිස් ගෙනියන්න ප්ලැන් කරලා වගේ.... එක අතකට ඉතින් මට මොකද මෙයා ඕවා... නිකන් දුන්න අස්පයාගේ දත් ගනන් කරන්න මම දත් දොස්තරද නෑනේ... මේක ඇන්ද වේලේ ඉදන් මගේ හිතට එන්නෙම වෙඩින් ෆීලින් එකක්...බොරු කියන්න ඕනේ නැහැ නේ මගේ තත්වෙ ඉන්න මිනිස්සුන්ට ඉතින් ටයි කෝට් අදින්න වෙන්නේ තමන්ගේ වෙඩිම දවසේ තමයි.... ඒකත් මේ තරම් හොද සනීප ලස්සන ඒවා ලැබෙන්නේ නැහැ.... බදින්න කලින්ම මට මේක අදින්න පුලුවන් වුනේ සල්ලි නොගෙන තාප්ප වල චිත්‍ර අදින හින්දා වෙන්න ඕන....
ඇදුමත් ඇදගෙන එලියට බැහැලා යනකොට බස්සා තාම එලියට ඇවිත් හිටියේ නැහැ... රූම් එකේ තිබ්බ ක්‍රීම් අරවා මේවා ඔක්කොම මුලු සර්වාංගෙට ගාගෙන උපන් කැත ඇරගෙන එනකොට තව වේලා යයි.... බේබි ක්‍රීම් එකකින් බේරෙන්න මං තරම්වත් ලස්සනක් තියෙන එකක් යැ...
මම යනකොට බස්සගේ බ්ලැක් වන්ඩිය ඉස්සරහ නවත්තලා තිබ්බා... අයිතිකාරයා වගේමයි වාහනෙත් හෙන ගැම්මෙන් ඉන්නේ..... දුවිල්ලක් ගෑවිලාවත් නැහැ... පව් අසරණ ඇලෙක්ස් හැමදාම පිහදානවද මන්දා....
"කෝට් සූට් එකකුත් ඇදන් ඉන්න එකේ බස්සාගේ කාර් එකට පොඩි ජැක් එකක් ගහලා ෆොටෝ ටිකක් ගන්න ඕන විබෝ දාන්න... "
ගියපාර අහම්බෙන් වැදුණ ෆොටො එකක් විබෝ , වි චැට් , ඉන්ස්ට්‍රා ඔක්කොටම දාලා දැන් මාස ගානක් වෙනවා එකේ දැන් මකුළු දැලුත් බැදිලා ඇති.... ජැන්ඩියට ඇදන් ඉන්න වෙලේ මමාත් එක්ක යුධ වදින වෙලාවක දැඩි ලෙස අබාධයට ලක් වෙලා තියෙන මගේ ඉරි ගිය ෆෝන් කට්ට අරගෙන ෆොටෝ දෙක තුනක් ගහන්න ට්‍රයි කලා...
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...