Xiao Zhan's P.O.V
තවත් වහගෙන නිදහාන් කියන ඇස් දෙක එක්ක මාරාන්තික සටනක් දීලා භාගෙට වගේ මම ඇස් පිල්ලම් ඇරියා... සූස්ස්!! කටේ කෙලත් බේරෙනවා... කටේ කෙල බේරෙනවා කියන්නේ ආයේ නැහැ බරපතල ලෙස ඊයේ රෑ මට නින්ද ගිහින් තියෙනවා... සනීප කොට්ටයක් සෙට් වුන නිසා සැපට නින්ද ගියා...
බස්සාගේ රූම් එකට කොට්ට කොහෙන්ද ගත්තේ කියලා අහන්න හිත හිත පිට අල්ලෙන් කූණු කෙල ටිකත් නිදාගෙන හිටපු තැනම ගාලා මම ඔලුව ඉස්සුවා....
"අයි..අයි යෝ..... !!" ඔලුව උස්සනකොට දැක්කේ උකුස්සා නයෙක් දිහා බලන් ඉන්න ගානට මගේ දිහා ඇස් ඇරගෙන හැල හොල්මනක් නැතුව බලාගෙන ඉන්න බස්සාව.... මම එහෙමම මගේ ඇස් අරන් ආවේ මෙච්චර වෙලා කෙල පෙර පෙර නිදාගෙන හිටිය කොට්ටේ මොකක්ද කියලා බලන්න.... හරිනේ ඔය කොරොලා තියෙන්නේ හොදටම.... කොට්ටේ කියලා සනීපෙට නිදාගෙන තියෙන්නේ බස්සාගේ පපුව උඩ... දැන් නම් ඉතින් හරි සනීපයි... ලැජ්ජාවට පිච්චෙනවා වගේ.... කෙල පාර ගානට තෙත් වෙලා තියෙනවා ඒ මදිවට තවත් කෙල පිහදැම්මනේ... ෂික් මේ වගේ වෙලාවට තමයි සුදු ඉරෙන් පාර පැනලා වාහනෙකට හැප්පෙන්න හිතෙන්නේ....
" සර්ගේ කොට්ටේ සනීපද.... " එයා මගේ හිත කියෙව්වා වගේ ඇහුවා...
" ඔයා කොහොමද මගේ කොට්ටේ වුනේ.... මට හොදට මතකයි මම නිදාගත්තේ සුදු පාට කොට්ටෙක..... " කොයි වෙලාවේද නිදාගත්තේ කියලා අබ මල් රේණුවක මතකයක් නැති වුනාට වැරැද්දක් කලේ නැහැ වගේ මම කල්පනා කර කර කතා කලා....
" මට කතා කියලා නිදි කරන්න මෙතනට ඇවිත් මගේ ඇදේම නිදාගෙන බූවල්ලෙක් වගේ මට හෙල්ලෙන්නෙවත් දෙන්නෙ නැතුව අත පය කකුල් ඔක්කොම අල්ලගෙන දැන් අහන්න එනවද මම කොට්ටේ වුනේ කොහොමද කියලා.... එක තප්පරේකට මට අනිත් පැත්ත හැරෙන්න බැරිව ගියා... පොඩ්ඩක් හැරුණ ගමන් තමුන් මගේ මුහුනට ගහනවා.... "
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...