Xiao Zhan's P.O.Vගේ ගාව මමා කාත් එක්ක හරි සබන් දාලා හොදට කෝප්ප හොදනවා.බලමු කවුද කියලා..මම රබර් ඇහැ දාලා කවුද ගේ ඉස්සර මමා එක්ක කතා කරන්නේ කියලා බැලුවා.
" ඕහ් නෝ... තමුන් අද ඉවරයි ෂියාඕ ෂාන්.... ඊයේ රෑ පේයින්ට් කරපු තාප්පෙ ගෙදර අයිතිකාරයා නේ..." එච්චර දුර ඉදන් මේ හැතිරි කොහොම අපේ ගේ හොයාගත්තද.ගින්න පත්තු වෙලා නම් මමා මාව අද සුවර් එකටම කෝටු මස් කරනවා.
" මේ මගේ පුතා... ? "
" මේ පැත්ත පලාතටම ඔය වගේ කුප්ප වැඩක් කරන්න ඉන්නේ ඔයාගේ එකායි අර ලීසාගේ නසරානි එකයි විතරයි.... අපේ තාප්පේ ගන්න දෙයක් නැහැ ... පේයින්ට් ගහලා සතියක් වුනේ නැහැ නේ කරලා තියෙන වැඩේ.... "
මේකි බලපන්කෝ මම ඔය තාප්පේ දැකලම දැන් මාසයක් පහු වෙන්න එනවා පෙයින්ට් ගහලා සතියයලු.ගැම්මට සල්ලි ගන්නෙ නැතුව අතිනුත් පෙයින්ට් අරගෙන චිත්රයක් ඇදලා දුන්නම ස්තුති කරන්නෙ නැතුව බොරු කියන්නත් එනවා.හිටාන්කො අද රෑ ගහනවා කලු තෙල් බෝතලයක්.නාකි වැදිරි.
" නැහැ අනේ.... ඔයාට වැරදීමක් වෙලා... අපේ පුතා ඊයේ දවසේම හිටියේ ගෙදර.... මගේ කකුලක් උලුක්කු වෙලා රෑ එලි වෙනකන්ම මං ගාව ඉදන් බාම් ගෑවා.... ඕක වෙන එකෙක්ගේ වැඩක් වෙන්න ඇති.... "
අනේ අපේ මාව හොදට සුද්ද කරනවා ගෙදර ගිය ගමන් ඩෙවල් දාන්න.දැන් හොද කිව්වට ගෙදර ගිය ගමන් ඕවට හරියන්න ලුණු,ගම්මිරිස්,සෝයා සෝස් ඕක්කොම දාලා මාව ඩෙවල් දානවා. දැන්ම ගෙට රිංගගන්න බැරි වෙයි වටේ රවුමක්වත් දාලා එන්න ඕන තත්වෙ සාමකාමී වෙනකන්.මමාගේ බඩු ටික කටින් කරෙන් එල්ලගෙන මම ලී මෙයිලගේ ගෙවල් පැත්තේ පොඩි රවුමක් දැම්මා.අද ශුයාගේ ලයින් දාන දවස වුනාට ඌ පෙන්න නැහැ නේ නිකන් තියෙන අව්වේ මගේ රෙදි ටික වේලගත්තා කියලා අවුලක් වෙන්නෙ නැහැ නේ ඔන්න ඔහේ විසිල් එකක් ගහලා බලනවා.
" කොහෙද දොඩම් ගෙඩිය ඔයා සැඟවුණේ.... හිනෙන් ලේ බොන්න දුන්නෙ නැති හින්දා ශුයාව හොයාගෙන ගියාවත්ද..... "
මම දොඩම් ගෙඩියගේ ගේ ඉස්සරහෙන් එහෙට ගියා මෙහෙට ගියා වැඩක් නැහැ එයා නැහැ.අර නාකි වැදරිත් දැන් ගිහින් ඇති නිසා මම ගෙදර ගියා.
![](https://img.wattpad.com/cover/294600963-288-k356829.jpg)
VOCÊ ESTÁ LENDO
Agent Happy ( Yizhan ff ) ✔️
FanficI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...