Xiao Zhan's P.O.V.
" අහ්හ්... ඔයාට කොහෙන්ද මේක හම්බුනේ.....?? "
එයා ලාච්චුව ඇරලා එලියට ගත්තේ මගේ ලේදර් කී චෙයින් එක...
" මේක තමුන්ගෙද.... ?"
බස්සා මගේ කී චෙයින් එක පෙන්නලා මගෙන්ම අහනවා මගේද කියලා....' Thud !!!'
හේත්තුව දාගෙන හිටිය මේසේට අතින් හයියෙන් පාරක් ගහගෙනමයි මම කෙලින් වුනේ...
" මගෙන් හොරකන් කලා මදිවට මගේද කියලා මගෙන්ම අහන්න එනවද.....!!! ඇත්තටම ඔහේට සීනි ඇටයක තරම්වත් සබකෝලය කියලා දෙයක් නැද්ද....!!! මෙච්චර හොදට ඇද පැළඳගෙන මගේ මේ සුට්ටිත්තන් කී චෙයින් එක හොරකම් කරලා විකුන්න තරම් ඔහේට තිබ්බ අහේනිය මොකක්ද..... !!! බලාගෙන ගියාම ඔහේට වඩා හොදයි හයිටියේ මැටි කන මිනිස්සු...!! "
මේ මිනිහා එක්ක සාම ගිවිසුම් ගහන්න හදනකොටම මේකා මල්ටි බැරල් ගහලා මගේ යස්ස වර්සන් එකමනේ ගන්න බලන්නේ.... එතකොට ඉතින් ජාතිය අමතන්න හිතෙන්නේ ආයේ කන් වල ෆින්ගර්ස් ගහගන්නම.....
" සබකෝලය....???"
" ඔව් සබකෝලය තමයි.... ඇයි පායනකොටවත් ඉස්කෝලේකට ගිහින් නැද්ද... ඉස්කෝලේ ටීචර් කියන්නේ සබකෝලේ පැත්තකට දාලා වේදිකාවට එන්න කියලා.... අන්න ඒ සබකෝලේ ගැනයි මම කියන්නේ.... ඔයා තමයි සබකෝලේ නැති මිනිහා.....!!!"
සතුටින් තියන්න ආවා මදිවට බස්සට ටියුෂන් ක්ලාස් එකකුත් දාන්න වෙලා... ඉදහන්කෝ බස්සාගේන් මේවට OT ඉල්ලගන්නවා....මගේ දැනුම එහෙම ලේසියෙන් දෙන්න පුලුවන්ද....
" සබකෝලයක් ගැන නෙමෙයි...!! මම අහපු දේට උත්තර දෙනවා කාගේද මේ කී චෙයින් එක..... ??"
" මගේ තමයි.... මේ ඇතුලේ ඉන්න සුට්ටන් බට්ටිති කොලු පැටික්කා මම තමයි... පේන්නෙ නැද්ද තාමත් මගේ හුරතල් කම්මුල් එහෙමමයි...... "
මම කී චෙයින් එකේ තියෙන මගේ පොඩි කාලේ ෆොටෝ එකත් එක්කම මගේ කම්මුල්ලත් පුම්බලා පෙන්නුවා.... අනේ මන්දා බස්සට විටමින් A ඌනතාවයද කොහෙද මාව හදුනන්න බැරි හැටි...
" මේක විතරයිමද තියෙන්නේ.... මං අහන්නේ මේ වගේ තව එකක් නැද්ද..... ??"
VOUS LISEZ
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...