Xiao Zhan ' s P.O.V
බස්සායි බස්සාගේ ෆැමිලියයි දාලා මම ඔෆිස් එකෙන් එලියට ඇවිත් ලිෆ්ට් එකේ නැග්ගා... තිබ්බ කේන්තිය ඔක්කොම බස්සාගේ පිටින් යවලා බස්සා කිව්ව දේවල් මතක් වෙනකොට දැන් තියෙන්නේ දුකක්....
" පුංචි පවුල රත්තරං නෙමෙයි පුංචි පවුල අල්කයිඩා.... මහ එකත් එකයි ඌගේ ගෑනිත් එකයි... පොඩි එකත් ඊට හපන්.. "
ලිෆ්ට් එකෙන් එලියට ඇවිත් මම කෝට් එකත් කරේ කම්පැනි එකෙන් එලියට ඇවිත් පාර දිගේ ඇවිදින්න ගත්තා.... බස්සාත් එක්ක ආවට මොකෝ මම දන්නවැයි කොහෙද දැන් ඉන්නේ කියලා....අනේ අම්මපා මූ මුලින්ම රගපෑවේ හරියට තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලවත් නැහැ වගේ... බැදලා විතරක් නම් කමක් නැහැ ඉස්කෝලේ යන පොඩි එකකුත් ඉන්නවා....මටත් පිස්සුනේ අවුරුදු විසි නමයක නාකියෙක් නොබැද ඉදීද... අනික බස්සාට මොනවයින් අඩුවක්ද... මම කොච්චර නම් කැතැයි කිව්වත් මිනිහා නලුවෙක් වගේ හැන්ඩ්සම්..... අනික මං වගේ සල්ලි නැති රස්තියාදු කාරයෙකුත් නෙමෙයි නේ.... කවුද අකමැති එයා වගේ කෙනෙක්ව හස්බන්ඩා කරගන්න....
ඒත් ඇයි එයා නිකන්වත් මට නොකිව්වේ.... එයාලගේ වෙඩින් ෆෝටෝ එකක්වත් , ෆැමිලි ෆොටො එකක්වත් මම දැක්කේ නැත්තේ ඇයි... මම එයාගේ රූම් එකේදිවත් දැක්කේ නැහැ නේ.... අඩුම ගානේ එයා වෙඩින් රිංග් එකක්වත් දාගෙන හිටියේ නැහැ නේ....
" අහ්හ්හ්... බොරු කාරයා.... තඩි කලු ගලක් අරගෙන කම්පැනියේ විදුරුවක්ට දමල ගහලා දුවන්න හිතෙනවා...!!එක්කෝ ඕනේ නැහැ දුවන්න කලින් මාව අල්ලගත්තොත් එහෙම.... වැඩකට නැති එකෙක් වෙනුවෙන් අවදානමක් ගන්න ඕනේ නැහැ නේ..... "
මම තව ටිකත් දුර තට්ට තනියම මුහුණත් බෙරි කරගෙන ඇවිදගෙන ගියා.... අර ෆිල්ම් වල කෙල්ල කොල්ලට සපත්තුවක් තිබ්බම සෑඩ් සොන්ග් එකකුත් එක්ක ඇවිදගෙන යන්නේ අන්න ඒ වගේ මාත් ෆුල් මූඩ් දාගෙන ඇවිදගෙන ගියා... වැඩක් නැහැ මිටර් දෙසියක් විතර ඇවිදගෙන යනකොට මගේ කකුල් දෙක රිදෙන්න ගත්තා... අන්තිමට පාරේ යන ටැක්සියකට අත දාලා බස්සාගේ පැලස් එකේ ඇඩ්රර්ස් එක දුන්නා....
යනවා කිව්වට නිකන්ම යන්න බැහැ නේ මගේ දෑවැද්දත් අරන් යන්න එපැ.... බස්සාගේ පැලස් එක ගාවින් බැහැලා පඩිපෙළ දිහාවට ඇවිදගෙන යනකොට නිකමට වගේ මට බැලුනේ අයිනේ තිබ්බ බාර් එක දිහා...
YOU ARE READING
Agent Happy ( Yizhan ff ) ✔️
FanfictionI just want to make you Happy....... 💚❤️ Because of you,I am the Happiest man on this earth......... 💚❤️ -------------------------------------------- මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතා...