❤️ Chapter 06 ❤️

402 88 8
                                        

In the beach

"සාරා මේ වගේ වෙලාවක මෙහෙම ඇවිදින එක හොදද ? අනික තව ටික දවසයි නේද තියන්නෙ.ඔයා හරිනම් ගෙදරට වෙලා  රෙස්ට් කරන්න ඕනේ."

දියා එහෙම ඇහුවෙ සාරාගෙ අතකින් අල්ලන් සාරාව බීච් එකේ ඇවිද්දවන ගමන්.

"බයවෙන්න එපා දියා.අනික මන් තනියෙන් නෙමේනෙ ආවෙ.ඔයා එක්කනේ."

"මන් හින්දා හොදයි.කොහෙවත් තනියෙන් එහෙම යනව නෙමේ.ටේහ්‍යුන් බනින එක සාදාරණයිනේ ඉතින් .ටේහ්‍යුන් කිව්ව මේ ලගදිත් තනියෙන් ගියා කියලා."

"ඩ්‍රයිවර් එක්ක ගියෙ අනේ.අනික ගෙදරට වෙලා ඉන්න කම්මැලි.අනික මන් ගියෙ හොස්පිටල් අප්පා.මෙහෙම එලියට ආවම තමා පොඩි නිදහසක් දැනෙන්නෙ."

සාරා එහෙම කිව්වෙ හොද හුස්මක් ගන්න ගමන්.

"හරි අනිත් දවසෙ මොන වැඩේ තිබ්බත් මට කියන්න ඕනේ හරිද?ඔයා මේ දවස්වල ගොඩක් පරිස්සන් වෙන්න ඕනේ."

"හරි හරි මැඩම්.මන් හින්දා ඔයාගෙ වැඩ පාඩු වුනාද ? මන් දන්නවා දැන් කෙල්ල ගොඩක් බිසී කියලා.සොරි දියා.ඒ වගේම තෑන්ක්ස් මාත් එක්ක ආවට."

"අයියෝ ඕක මොකක්ද ? අපි හොදම යාලුවොනේ.🤗🤗🤗 "

දියා එහෙම කිව්වට පස්සෙ සාරාගෙ මූණ වෙනස් වුනා.මොකද සාරා නෙමේ දියාගෙ හොදම යාලුවා වුනේ.

"හොදම යාලුවා."

"නේ සාරා.සමහර වෙලාවට අපිට දේවල් තේරෙන්නෙ ගොඩක් කල් ගිහාම.මිනිස්සුන්ව අදුරගන්න පුලුවන් වෙන්නෙත් ඒ වෙලාවට තමා.එදා මට වැරදුනා.ඔයා තමා මගෙ හොදම යාලුවා සාරා.මන් කලින් හැසිරිච්ච් විදිහත් එක්ක ඔයා මාත් එක්ක ඉන්න එකටයි මන් සතුටු වෙන්න ඕනේ.ඔයා මාව දාලා ගියෙ නෑ කවදාවත් .ඔයා මාත් එක්කම හිටියා.මමයි තෑන්ක්ස් කරන්න ඕනේ ඔයාට මාත් එක්ක හිටියට.🥺🥺🥺🥺 "

එහෙම කියද්දි දියාගෙ ඇස් වල කදුලු පිරෙන හැටි සාරා හොදටම දැක්කා.සාරාට ඕනේ නෑ ඒ අතීතෙ දියාට මතක් කරලා දියාගෙ හිත රිද්දන්නෙ.

"අනේ දියා සොරි .මන් එක හිතල නෙමේ කිව්වෙ.මන් ඔයාට පරණ දේවල් මතක් කරා නේද ? මට සමාවෙන්න .🥺🥺🥺🥺🥺.මන් ඔයාව ඇඩෙව්වා.".

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Место, где живут истории. Откройте их для себя