❤️ Chapter 24❤️

337 70 47
                                        

Hoseok 's pro

මේ වෙලාවෙ මම හරිනම් ඉන්න ඕනේ මගෙ මින්හා එක්ක.මොකද එයා දැන් ඉන්න තත්වෙත් එක්ක එයාට මාව ගොඩක් ඕන වෙනවා.මින්හා ප්‍රෙග්නට් .මේ අපි දෙන්නගෙම පලවෙනි ළමයා.තව මාස හතරකින් මම අප්පා කෙනෙක්.මින්හාට මේ වෙලාවෙ මාව ඕන වුනත් එයාව බලාගන්න ඔම්මා අප්පා හැමෝම ඉන්නවා.ඒත් යුන්ගි .කොල්ලට කවුරුවත් නෑ.මින්හා කියන්නෙ යුන්ගිගෙම නංගි නෙමේ.යුන්ගි කියන්නෙ මින්හාගෙ නැන්දගෙ පුතා.යුන්ගි පොඩි කාලෙදිම ඔම්මයි අප්පයි ඇක්සිඩන් එකක් වෙලා නැති වෙච්ච හින්දා කොල්ලා එදා ඉදන් හැදුනෙ එයාගෙ නැන්දයි මාමායි.
යුන්ගිට තියෙන ප්‍රශ්නෙ ඒ කවුරුවත් දන්නෙ නෑ.අඩුම මින්හාවත්.මේ අවුරුදු පහ ඇතුලත යුන්ගි මොන වගේ වේදානාවක්ද වින්දෙ කියම එක මන් ඇස් දෙකින්ම දැක්කා.අවුරුදු ගාණක් කොල්ලා ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්නවා.තාමත් එහෙමයි.මීට අවුරුදු පහකට කලින් මොකක්ද වුනේ කියන්න කවුරුවත් දන්නෙ නෑ.හැබැයි මොනා වුනත් ඒ වෙච්ච සිදුවීම හින්දා තමා යුන්ගි අද මේ විදිහට වෙනස් වෙලා ඉන්නෙ.යුන්ගිට දියාගෙ අප්පා එක්ක තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලත් මන් දන්නෙ නෑ.මේ දේවල් දැනගන්නෙ නැතුව තව දුරටත් මට ඉන්න බැරි හින්දා තමා මන් කොෆි එකකුත් හදන් යුන්ගිව හොයන්න ගියෙ.හැම තැනම බැලුවත් යුන්ගි හිටියෙ නෑ.බැරිම තැන තමා රූම් එකට ගියෙ.රූම් එකෙත් කොල්ලා පේන්න හිටියෙ නැති හින්දා බැල්කනි එක දිහාට ගියේ යුන්ගි එතනවත් ඇති කියලා හිතාගෙන.බැල්කනි එකට යද්දි තමා මන් දැක්කෙ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ෆොටෝ එක.

ඒ ෆොටෝ එක යුන්ගි කොහෙ ගියත් අරන් යනවා.ඔෆිස් එකට පවා.කොච්චර යුන්ගි ලග මේ ෆොටෝ එක තිබ්බත් මන් මේකෙ ඉන්නෙ කවුද කියන එක දැකල තිබ්බෙ නෑ.අද හොදටම දැක්කා මේ කවුද කියන එක.යුන්ගි එතකොට හැමදාම රෑට අඩන්නෙ මේ ෆොටෝ එක බදාගෙනද ?
ඒ ෆොටෝ එකේ හිටිය කෙනා දැක්කම ඇත්තටම මන් පුදුම වුනා.මොකද මන් හිතුව කෙනා නෙමේ ඒකෙ හිටියෙ .ඇත්ත දැනගන්න ඕන කුතුහලේ නිසාම මම ඒ ෆොටෝ එකත් අරන් යුන්ගි ලගට ගියා.යනකොට කොල්ලා හිටියෙ බැල්කනි එකට වෙලා කල්පනා කර කර.
මෙච්චර වෙලා මට අහන්න ඕන වෙලා තිබ්බ ප්‍රශ්නෙ මම ඒ වෙලාවෙ යුන්ගිගෙන් ඇහුව.

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Место, где живут истории. Откройте их для себя