❤️ Chapter 22❤️

348 69 80
                                        

"ඇත්තටම ඔප්පා ඔයත් දැක්කද ? "

"මොනාද දැක්කද අහන්නෙ 🤔🤔🤔 "

ටේහ්‍යුන් කල්පනා කර කර එහෙම අහද්දි යේහා කිව්ව දේ නිසා ජන්කුක් බිම බලාගත්තෙ කොල්ලගෙ මූණෙ තියෙන හිනාව හංගන්න ඕනවුනා.

"මේ ඔප්පා ජන්කුක් ඔප්පා කිව්ව ඔයත් හොල්මන් දැක්ක කියලා.ඇත්තටම දැක්කද ?"

යේහා එහෙම අහද්දි ටේහ්‍යුන් සාරා දිහාත් ජන්කුක් දිහාත් බැලුවෙ යේහා අහන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න වගේ.ජන්කුක්ගෙ මූණ තිබ්බ හිනාව ටේහ්‍යුන් ලාවට වගේ දැක්ක හින්දා කොල්ලට තේරුනා ජන්කුක් මොකක්හරි ප්ලෑනක් ගහල කියන එක.

"ආ ඔව් දැක්කනේ."

"කොහෙදිද දැක්කෙ ? "

"මුලු ගෙදරම ඉන්නවා."

" මෙහෙ කොහෙද හො"

සාරා ටේහ්‍යුන්ගෙන් එහෙම අහන්න හැදුවත් ජන්කුක් සාරාට ඒක සම්පූර්ණ කරන්න දුන්නෙ නෑ.

"දැන් දෙන්න ගියොත් හොදයිනේ නේද ? වැස්සත් වැඩි වෙයිනේ.අනික බබාටත් සීතල හොද නෑනේ.ඒක හින්දා දැන් යන්න."

ජන්කුක් එහෙම කිව්වට පස්සෙ ටේහ්‍යුන් ජන්කුක් දිහා බලල හිනාවෙලා සාරා එක්ක පල්ලෙහට බැස්සෙ ආපහු ගෙදර යන්න.ටේහ්‍යුන් සාරා දෙන්න ගියාට පස්සෙ යේහානම් හිටියෙ මුලු ගේ දිහාම ඇස් යව යව.යේහාගෙ මූණ දැක්කම ජන්කුක්ට හිනා ගියත් කොල්ලා හිනාව පාලනය කරගත්තා.ජන්කුක් ඊටපස්සෙ යේහාව එක්කන් රෑම් එකට ගියා.

" ඔයා කැමති ඇදුමක් මගෙ කබඩ් එකෙන් අරන් අදින්න අදට විතරක්.මන් කාවහරි යවල ඇදුම් ටික ගෙන්නගන්නම් ඔයාගෙ."

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ කබඩ් එක ඇරල යේහාට තමන්ගෙ බොටම් එකකුයි හූඩි එකකුයි දුන්නා.

"ඔයාට කැමති රූම් එකකට යන්න පුලුවන් ."

"ඔප්ප.මේ ඇත්තටම හොල්මන් ඉන්නවද ? "

"තාමත් ඒ ගැනද හිතුවෙ.මෙහෙ කවුරුවත් නෑ.🤣🤣🤣🤣 හොල්මන් නෑ මෙහෙ."

"ඒත් එතකොට "

"අයියො ළමයො මන් ජෝක් එකක් කරේ ඔයාට.මෙහෙ කිසිම හොල්මනක් නෑ.ඉන්නෙ අපි දෙන්න විතරයි .🤣🤣🤣 ඔයාගෙ මූඩ් එක චේන්ච් කරන්න ඕන හින්දා පොඩි බොරුවක් කිව්වා.ඔයා කොච්චර හිනාවෙලා හිටියත් තාමත් වෙච්ච දේවල් ගැනනෙ හිතන්නෙ."

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ