❤️ Chapter 31❤️

646 80 17
                                        

පුංචි යුවී දියාගෙන් එහෙම අහද්දි කෙල්ල මොනවත් කිව්වෙ නෑ.යුන්ගිත් දියා දිහා බලන් හිටියත් දියා හිටියෙ වෙනම කල්පනාවක.කෙල්ල තාමත් හිත හිත හිටියෙ යුවීට දෙන උත්තරේ .පුංචි යුවී කැමති තමන්ගෙ ඔම්මයි අප්පයි එක්ක ඉන්න.යුවී දෙන්න එක්කම ජීවත් වෙන්න කැමති වුනත් දියාගෙ හිතේ තවදුරටත් එහෙම කැමැත්තක් තිබ්බෙ නෑ.දියා යුනිවර්සිටි යන කාලෙ ඉදන් හීන දැක්කෙ යුන්ගි එක්ක පවුලක් විදිහට ජීවත් වෙන්න.යුන්ගි දියාගෙ ජීවිතේ බේරගන්න හරි දියාව දාලා ගිය නිසා දියාගෙ හිතේ යුන්ගි ගැන කලින් තිබ්බ විශ්වාසෙ නැති වෙලා තිබ්බෙ.ඒත් ඒ හිතේ යුන්ගි ගැන තිබ්බ ආදරේ තාමත් එහෙමයි.පොඩි වෙනසකට වෙලා තියෙන්නෙ දියා යුන්ගිට වඩා වෙන කෙනෙක් ආදරේ කරන එක.කලින් තමන්ගෙ ජීවිතේටත් වඩා යුන්ගිට ආදරේ කරපු දියා අද ඒ තැන දීලා තියෙන්නෙ යුවීට.දියා තමන්ගෙ මුලු ජීවිතේම යුවී වෙනුවෙන් කැපකරයි.ඒත් පුංචි යුවී දැන් අහපු දේ නිසා කෙල්ල හිටියෙ හරියට උත්තරයක් දී ගන්න බැරිව.

"ඔම්මා අප්පත ඉල්ල කියල්ලකූ."

පුංචි යුවී ඇස් දෙකත් බොල කරන් කටත් උල් කරන් ආයෙත් එහෙම කියද්දි දියා යුවී දිහා බැලුවා.දියා පුංචි යුවී ලග දනගහගෙන පුංචි යුවී එක්ක හිනා වුනා.

"ඔම්මා කියල්ලකූ.අප්පා ඉදී ලේ."

"යුවී කැමතිනම් යුවීගෙ අප්පට ඉන්නම වෙනවනේ නේද පැටියෝ ?"

දියා එහෙම කියල  පුංචි යුවීගෙ කම්මුල් දෙක මිරිකලා යුවීගෙ නහයට පෙක් එකක් දුන්නා.ඒත් එක්කම යුවී ආයෙත් යුන්ගි ලගට පැන්නා.

"අප්පා ඔම්මා ඉල්ලා කිව්වලේ ඔයාට.උයා ඉල්ලවලේ."

යුවී එහෙම අහද්දි යුන්ගි වෙනුවට උත්තර දුන්නෙ දියා.

"ඔයාගෙ අප්පා අපිත් එක්ක ඉදී පැටියෝ .දැන් සතුටුයි නේද මගෙ ඒන්ජල්ට."

දියා එහෙම කියද්දි පුංචි යුවී සතුට වැඩි කමටම උඩ පැන්නා.ඒ වෙලාවෙ යුන්ගි බලන් හිටියෙ දියා දිහා.දියා කරේ හිනා වුන එක විතරයි .පුංචි යුවී සතුටින් ඉන්න නිසා දියා වුනත් හිටියෙ ගොඩක් සතුටින් .ඒත් තාමත් දියා හිත හිත හිටියෙ තමන් දුන්න උත්තරේ හරිද වැරදිද කියලා.
දියා දුන්න උත්තරේ නිසා යුවි විතරක් නෙමේ යුන්ගි වුනත් හිටියෙ කියාගන්න බැරි තරම් ලොකු සතුටකින්.කොල්ලට වුනත් ඕන කලේ තමන්ගෙ පවුල එක්ක ඉන්න.දියා දුන්න උත්තරේ හින්දා දියා ඇරෙන්න මෙතන හිටිය අනිත් හැමෝම වගේ සතුටු වුනා.

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Место, где живут истории. Откройте их для себя