❤️ Chapter 25❤️

327 72 15
                                        

යුන්ගි හෝසොක් එක්ක මහ රෑම ගෙදරින් ඇවිත් කොහෙද යන්නෙ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් හෝසොක්ගෙ හිතේ තිබ්බ.මොකද යුන්ගි අවුරුදු ගාණකින් කොරියාවෙ හිටියෙ හැමෝම එක්ක තමන්ගෙ තිබ්බ බැදිම අමතක කරලා ඕස්ට්‍රේලියා ගියේ ආයෙ කවදාවත් එන්නෙ නෑ කියලා හිතාගෙන.ඩ්‍රයිවර් කෙනෙක්වත් එක්කන් යන්නෙ නැතුව යුන්ගිම කාර් එක ඩ්‍රයිව් කරන් ගිහින් කාර් එක නැවැත්තුවෙ ටවුන් එක ලගම වගේ තිබ්බ ගෙයක් ලග.

"මන් හිතනවා එයා දැන් ගෙදර ඇති කියලා."

යුන්ගි එහෙම කියන ගමන් කාර් එකෙන් බැහැලා ඒ ගේ ලගට ගියා.යුන්ගි බෙල් එක දිහා ටික වෙලාවක් බලන් ඉදල හොද හුස්මක් අරන් බෙල් එක ගැහුවෙ  වෙන දේ මොනා වුනත් අද ඒ කෙනාව තමන් හම්බවෙනවා කියලා හිතාගෙන .

"කාගෙද බන් මේ ගෙදර ? කාව හම්බවෙන්න්ද උබ ආවෙ."

"අපි දෙන්නම හොදට දන්න කෙනෙක් හෝසොක් .එයා දැන් මාත් එක්ක ගොඩක් තරහෙන් ඇති කියල මන් දන්නවා.දොර ඇරියොත් මට ඒ හොදටම ඇති ."

යුන්ගි එහෙම කියන ගමන් හෝසොක් දිහා බලල හිනා වුනා.ඒ වෙලාවෙ දොර ඇරිය හින්දා යුන්ගි වගේම හෝසොකුත් දොර දිහා බැලුවා.දොර ඇරන් ආව කෙනාව දැකලා හෝසොක් පුදුම වුනත් යුන්ගි කරේ එයා එක්ක හිනා වෙච්ච එක.ඒත් ඒ කෙනා යුන්ගි දිහා කේන්තියෙන් බලල ආයෙත් දොර වහන්න හැදුවත් යුන්ගි ඒ කෙනාට ඒක කරන්න දුන්නෙ නෑ.

"මට ඔයා එක්ක කත කරන්න ඕනේ."

"මොනා කතා කරන්නද ? තවත් කතා කරන්න දේවල් ඉතිරි වෙලා නෑ.කරුණාකරල මෙතනින් යන්න යුන්ගි."

"ප්ලීස් නම්ජුන් .පොඩ්ඩක් මන් කියන දේ අහල ඉන්න.අපි යාලුවො නේද ?"

"යාලුවො මොන යාලුවොද ? අපි අතර කිසිම බැදීමක් නෑ.නෑ නෙමේ තිබ්බා හැබැයි ඔයාමයි ඒ දේ නැති කරගත්තෙ යුන්ගි.අහිංසක කෙල්ලෙක්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරලා ඒ කෙල්ලව අතරමන් කරපු ඔයා වගේ කෙනෙක් කවදාවත් මගෙ යාලුවෙක් වෙන්නෙ නෑ.උබ ඒ කෙල්ලගෙ හැගීම් එක්ක සෙල්ලම් කරේ යුන්ගි .උබට මතක ඇතිනෙ මන් කලින්ම උබට කිව්ව දේ.උබ දියාව ඇඩෙව්වොත් අපි දෙන්න අතර තියෙන යාලුකම ඉවරයි කියලා.උබ දියාව ඇඩෙව්ව විතරක් නෙමේ එයාව රැවැට්ටුව .ඒ කෙල්ලට බොරු බලාපොරොත්තු දුන්නා.උබ වොල්ට ආදරේ කරානම් මොන එකටද දියාව ආශ්‍රය කරේ.ඒ කෙල්ල සෙල්ලම් බඩුවක් කියලද හිතුවෙ උබ."

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ