❤️ Chapter 30❤️

354 68 38
                                        

Still Diya's pro

දැක්ක දේ ගැන කිව්වොත් .ඒ ගැන කියන්න ඕනෙ නෑ.මන් කියල ගියෙ වෙන දෙයක්.හැබැයි කරන්න වෙන දෙයක්.කමක් නෑ ඉතින් .පොඩි වුන්ගෙ අසාවනේ .එහෙමවත් හිතෙනවා .මෙහෙම කට ඇරන් බලන් ඉන්න එක හොදද මන්දා .මන් බැලුවට මොකද වෙන්නෙ මෙතන රොමැන්ටික් සීන් එක කරන දෙන්න මන් දන්න අයනේ.එක්කෙනෙක් නංගි අනිත් එක්කෙනා ඔප්පා වගේ ඉන්නෙ ජන්කුක් .

මන් දෙන්නට කියලා ගියෙ කෝල් එක අරන් එනකන් බැලුම් ටික එල්ලන්න කියලා.නියමෙට වෙනවා ඒක.අද යුවීගෙ පස්වෙනි උපන්දිනේ හින්දා ඒක සමරන්න හදන්නෙ.ඒ අස්සෙ දෙන්න මෙතන කිස් කරනවා.යුවී එන්න කලින් මේක කරන්නවත් ඕනේ.යුන්ගි කිව්වනෙ තව පැය භාගෙකින් වගේ එනවා කියලා.

"ඔය ඩබල පස්සෙ ඕක කරගන්නවද ? වැඩ තියෙනවා කරන්න."

දියා එහෙම කිව්ව පාර ජන්කුක් යේහාව ඈත් කරා.

"ඔන්නි මේ."

"නෑ යේහා.මන් මොනවත් දැක්කෙ නෑ."

දියා එහෙම කියන ගමන් දෙන්න දිහාම බැලුවෙ චාටර් හිනාව දාලා.

"අනේ මේ දියා.මන් කියන්නෙ නෑ ඉතින් .මන් කරොත් තමා අවුල්."

"මේකනේ ජන්කුක් .ඕකට කියන්නෙ කල කල දේ පල පල දේ කියලා."

දියා එහෙම කියද්දි ජන්කුක්ට ඕන වුනා කතාව වෙන පැත්තකට හරවන්න.ඒක හින්දම කොල්ලා ඒක නවත්තන්න ඕන හින්දා පුම්බලා තිබ්බ බැලුන් එකක් පිපිරුවා.

"පුපුරන්න නෙමේ මනුස්සයො කිව්වෙ."

"එකක් පිපිරුව කියලා මොනවත් වෙන්නෙ නෑ.මේ තව තියෙන්නෙ.දැන් කෑගහන්න එන්න එපා ඕකට.අනික "

ජන්කුක්ට මොනවත් කියන්න හම්බවෙන්න කලින් යේහා දියාගෙන් දෙයක් ඇහුවා.මොකද තව ටිකක් වෙලා ගියත් ජන්කුක් දියාගෙන් හොදට අහගන්නවා.

"ඔන්නි යුන්ගි ඔප්පා මොකද කිව්වෙ ? යුවීව දැන්මම එක්කන් එනවද ? "

"මේ ජන්කුක් එක්ක ඒකත් කියන්න බැරි වුනා.තව පැයභාගයක් ඇතුලට යුවීව එක්කන් එයි."

"පැය භාගයක් .මේ ටික කරගන්න ඒ වෙලාව හොදටම ඇති.මන් ඩෙකරේෂන් ටික කරන්නම්.තව ටිකයිනේ තියෙන්නෙ.ඔය දෙන්න අනිත් ඒවා බලාගන්න."

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Место, где живут истории. Откройте их для себя