❤️Chapter 21❤️

345 75 31
                                        

Still Diya's pro

මොකා කිව්වා වයිෆ්.මන් කවදද වයිෆ් කෙනෙක් වුනේ.ඒ මදිවට NIS officer  කෙනෙක්ලු.තාම යුනි යනවා.මන් නීතියට වැඩ කරන කෙනෙක්යෑ.එක්කො මගෙ කන් ඇහෙන්නෙ නෑ.නැත්තන් මේ මනුස්සය මාව වෙන කෙනෙක් එක්ක මාරු කරන්.මේ වෙලාවෙ හැටියට මෙයා මට උදව් කරන එකත් හොදයි.
ඒ වෙලාවෙ තමා මාව බේරගන්න ආව මනුස්සය එයාගෙ හෙල්මට් එල ගැලෙව්වෙ .ඒ වෙලාවෙ තමා මන් එයාගෙ මූණ දැක්කෙ.
මේ අරයනේ.මෙයාද එතකොට මාව බේරගන්න ආවෙ.නපුරු පූස් කුමාරයා ආව එහෙනම්.මෙයා මොකද දන්නෙ නෑ මේ වෙලාවෙ මෙහෙ කලේ.ඕන එකක් ඉතින් මට මොකෝ.

"මන් තමුසෙලට දැන් සැරයක් කිව්වා.හොද හිතින් ඔය කෙල්ලගෙ අත අතාරිනවා."

"නැත්තන් මොනා කරන්නද ? "

මාව අල්ලන් හිටිය කෙනා එහෙම අහන් යුන්ගි ගාවට යද්දි යුන්ගි කට කොනකින් හිනා වුනා.අම්මෝ ඒ හිනාව දැක්කම මොකක්ද වගේ වුනා.මොනා නැතත් ඒ නපුරු ඇස් නම් තිබ්බෙ මන් ලග.
මාව අල්ලන් හිටිය මනුස්සයො ගහන්න වගේ අතත් උස්සන් යද්දි යුන්ගි හෙල්මට් එකෙන් ඒ මනුස්සයට දුන්න පාර හින්දා ඒ මනුස්සය බිම වැටුනා.මෙයා ගහන්නත් දන්නවද ? නියමයිනේ.
ඒ දුන්න ශොට් එක හින්දා අර මනුස්සයගෙ වෙරිත් විදුනද මන්දා.ඒ විතරක් නෙමේ මන් ලග හිටිය අනිත් මනුස්සයත් මාව පහුකරන් ඉස්සරහට ගියේ යුන්ගිට ගහන්න.ඒත් ඒ මනුස්සය යුන්ගි ලගට යන්න කලින් යුන්ගි ලගට ඇවිත් ඒ මනුස්සයට ගැහුව.
යුන්ගි දුන්න පාර හින්දා අර මනුස්සය බිම වැටුනත් ඒ මනුස්සයගෙ ටී එකෙ කොලර් එකෙන් අල්ලලා යුන්ගි එයාව නැගිට්ටෙව්වා.

"තනියෙන් ඉන්න කෙල්ලෙක්ටත් නිදහසේ ඉන්න දෙන්නෙ නැද්ද ? අසරණ වෙච්ච කෙල්ලෙක් උදවුවක් ඉල්ලුවම තමන්ල වගේ වුන් හදන්නෙ ඒකෙන් ප්‍රයෝජන ගන්න.ආයෙ එහෙම මේ කෙල්ලට කරදර කරන්න ආවොත් මන් මෙහෙම නෙමේ කියන්නෙ තමුසෙල දෙන්නට.දැන් හොද හිතින් අර වැටිල ඉන්න එකාවත් අරන් මෙතනින් ගියොත් හොදයි ."

යුන්ගි ඒ මනුස්සයො දිහා බලාගෙන එහෙම කියද්දි යුන්ගි මූණෙ තිබ්බ ඒ නපුරු බැල්මට ඒ මනුස්සයෙ ටිකක් ගැස්සුනා.යුන්ගි ඒ මනුස්සයගෙ කොලර් එක අත අරිනවත් එක්කම ඒ මනුස්සයො වැටිල හිටිය තමන්ගෙ යාලුවත් කාර් එකට දාන් එතනින් යන්න ගියා.ඊට පස්සෙ යුන්ගි තමන්ගෙ ටී එකත් හදාගෙන දියා ලගට ගියා.

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Where stories live. Discover now