❤️Chapter 12❤️

374 81 15
                                        

Jungkook ' s pro

කෙල්ල පව් කියලත් හිතෙනවා ඉතින් .ඒත් ඉතින් පොඩ්ඩක් කේන්ති ගස්සන්න ඕනේ. බයිට් කරන්නත් ඕනේ.නැත්තන් මොකක්ද වගේ.උස්සන් යන්න කිව්වනම් මන් උස්සන් යනවනේ.😏😏😏.කොහොම යයිද බලමුකෝ.
මෙයා යන්නෙ කොහොමද කියලා බලන්න ඕන හින්දා මම පැත්තකට වෙලා හිටිය .

මන් නිකමට වගේ කෙල්ල දිහා බලද්දි තමා දැක්කෙ කෙල්ල හීල්ස් දෙක අරන් අතට අරන් ඉන්නවා.මේ සීතලේ ඔහොම යන්නද හදන්නෙ.පිස්සු හැදිලද ? සීතල ඔහොම ගියොත් වෙන ලෙඩක් හදාගෙන තමා නවතින්නෙ.හරියට ඩාන්ස් කරනව වගේ අඩිය තිය තිය ඇවිදින්නෙ.

ජන්කුක් බලන් හිටියෙ යේහා යන දිහා.යේහා තමන්ගෙ හීල්ස් දෙක අතට අරන් සෙරෙප්පු නැතුවම සීතල පොලොවෙ ඇවිද්දා.යේහා ඇදන් හිටිය ඕෆ්ශෝල්ඩර් ෆ්‍රොක් එක නිසා කෙල්ලට ඒ සීතල තවත් තදින් දැණුනා.යේහා ජන්කුක්ටත් රවාගෙන ජන්කුක්වත් පාස් කරන් යන්න ගියේ කෙල්ලට කිසිම ප්‍රශ්නයක් නෑ වගේ.

මොනා නැතත් ආඩම්බර කමනම් තියෙනවා .🤣🤣🤣🤣.

ජන්කුක් තමන්ටම එහෙම කියාගෙන ෆෝන් එක තමන්ගෙ සාක්කුවට දාන් කෙල්ල පස්සෙන් ගියා.ජන්කුක් කෙල්ල ලගට ගිහින් කරපු දේ කෙල්ල කන්ෆියුස් වුනා.මොකද කිව්වොත් ජන්කුක් කෙල්ලව ඉස්සුවා.

"මොමොනාද ඔයා කරන්නෙ.මාව බිමින් තියෙන්න."

"මන් මේ ආසාවට උස්සන් යන්න නෙමේ.තමුසෙ එක්ක ගියොත් ඔෆිස් එකට යන්න වෙන්නෙ හෙට තමා.එච්චර වෙලා බලන් ඉන්න මට බෑ.ඒක හින්දා කටවහන් ඔන්නවා."

ජන්කුක් යේහාට එහෙම තරහින් කියලා අහක බලාගෙන හිනා වුනා.මොනා වුනත් කොල්ලගෙ හිතේ සතුටක් තිබ්බා මෙහෙම කෙල්ලව උස්සන් යන්න පුලුවන් වුන එකට.යේහානම් බලන් හිටියෙ ජන්කුක්ගෙ මූණ දිහා.

"ඇයි මූණෙ පෙරහැරක්වත්  යනවද ? "

" නෑ මේ."

"එහෙනම් ඉස්සරහ බලාගන්නවා.😏😏😏😏."

ජන්කුක් එහෙම කියද්දි යේහා ඉස්සරහ බලාගත්තා .මේ වෙනකොට යේහාගෙ මූණ රතු පාට වෙලා තිබ්බෙ.ජන්කුක් කාර් එක ලගට එනකන්ම යේහාව උස්සන් ඇවිත් කාර් එක ලගින් බිමින් තියලා මොනවත් කියන්නෙ නැතුව ගිහින් කාර් එකට නැග්ගා.ජන්කුක් කාර් එකට නැගලා හෝන් කරපු නිසා යේහාත් කාර් එකට නැග්ගා.















































❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Where stories live. Discover now