❤️ Chapter 10 - part 01❤️

376 81 15
                                        

After two weeks.

Diya's pro

දැන් ජන්කුක් ඇවිත් සති දෙකක් විතරයි .ජන්කුක් මාසයක් යනකන් ඉන්නවා කිව්වම යේහාගෙ මූණ තමා බලන්න වටින්නෙ.කෙල්ල හාට්පේෂන් කෙනෙක් වෙයිද දන්නෙ නෑ.පව් දෙයියනේ මගෙ නංගා.🤣🤣🤣🤣.මොනා කරන්නද ඉතින් ආදරේ කරද්දි ඔහොම තමා.ඇත්තම කිව්වොත් මායි ජන්කුක් දෙන්න අතර කිසිම සම්බන්දයක් නෑ.අපි දෙන්න හොදම යාලුවො එච්චරයි .ජන්කුක් ආදරේ කරන්නෙ මට නෙමේ මගෙ නංගිට .කොල්ල කිව්ව විදිහටනම් කොල්ල NIS officer  කෙනෙක් වෙලා තියෙන්නෙත් යේහා නිසාම තමා.කියන විදිහට ජන්කුක් මුලින්ම යේහාව දැකලා තියෙන්නෙ ඇමරිකා වලදි.පලමු බැල්මෙන් ලව් එකක් ඇති වෙලා.🤭🤭🤭🤭🤭.මාරයි.
මෙතන ප්‍රශ්නයක් තියෙන්නෙ කොල්ල යේහාට වද දෙන එකනේ.දුෂ්ට කම්මයි කෙල්ලට කරන්නෙ.කොහොමත් ඉතින් රණ්ඩු කියන්නත් ආදරයක් ඇති වෙන එක පියවරක් තමා.මේ මාස දෙක ඇතුලත කොල්ල ගාණට වැඩේ දෙයි.

ඊට පස්සෙ ඔම්මලට මේක කියන එක තමා තියෙන ප්‍රශ්නෙ .එයාල හිතන් ඉන්නෙ අපි දෙන්න අතර රිලේෂන්ශිප් එකක් තියෙනවා කියලනේ.යේහාත් මේ වෙනකන් හිතන් හිටියෙ එහෙම තමා.කෙල්ලත් මන් කිව්වට පස්සෙ තමා දන්නෙ.කොහොමත් මගෙ හිතේ වෙන කොල්ලෙක් ගැන මොනම විදිහක ආදරයක් ඇති වෙන්නෙ නෑ.මොකද මම ආදරේ කරේ කරන්නෙත් එයාට විතරයි .මගෙ පලවෙනි වගේම අන්තිම ආදරෙත් එය විතරයි .එයාව මතක් වෙන හැමවෙලේම ලොකු වේදනාවක් දැනුනත් මන් ඒක ඉවසනවා.එයා මැරි කරලා මේ වෙනකොට ලස්සන ලයිෆ් එකක් ගත කරනවා ඇති වොල් එක්ක.මට වඩා වොල්ව තමා එයාට මැච් වෙන්නෙ.🥲🥲🥲🥲🥲🥲

අතීතෙ මතක් වෙද්දි දියාගෙ ඇස් වලට කදුලු පිරුනත් කෙල්ල ඒ කදුලු තමන්ගෙ ඇස් වලින් වැටෙන්න දුන්නෙ නෑ.දියා තමන්ගෙ රූම් එකට වෙලා රෙඩි වෙලා හිටියෙ දෙන්නෙක් එක්ක පාක් යන්න.දියා කොච්චර තද කරන් හිටියත් අන්තිමට දියාගෙ ඇස් වලින් ඒ හිරවෙච්ච කදුලු බින්දුව වැටුනා.

"දියා ආන්ටි "

දියාගෙ රූම් එකට යුවී දුවගෙන ආව හින්දා දියා යුවීට නොපෙනෙන්න තමන්ගෙ කදුලු පිහදගත්තා .පුංචි යුවී දුවගෙන ඇවිත් දියාගෙ කකුල් දෙක බදාගත්තා .යුවී ආව විතරයි දියා යුවීව තමන්ගෙ ඔඩොක්කුවට ගත්තා.

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Where stories live. Discover now