"ඒක නෙමේ ජන්කුක් ඇත්තටම දියා කොහෙද බන් ඉන්නෙ.උබට තාම හොයාගන්න බැරි වුනාද ?මහලොකු ඔෆිසර් නේද ? "
ටේ එහෙම ඇහුවෙ තමන් ගෙනාව කොෆි කප් දෙක ජන්කුක්ට වගේම ජිමින්ගෙ අතටත් දෙන ගමන්.ජන්කුක් කරේ මොනවත් කියන්නෙ නැතුව හිනා වුන එක විතරයි.
"නිකන් හිටහන් ටේ.මුට තාම අර පොඩි කෙල්ලට අර වචන තුන කියාගන්න බැරි වුනා.හැබැයි කටනම් තියෙනවා.මන් මෙහෙම ආදරවන්තයෙක් දැක්කමයි ඕයි.පුලුවන් හැමවෙලේම අර කෙල්ලව කේන්ති ගස්සන එකමයි කරන්නෙ.උබ ඕක කියනකන් බලන් හිටියොත් අපිට නාකි වෙන්න වෙන්නෙ."
"දැන් මට චැලේන්ජ් කරනවද ආ ? "
"ඔව් ඔව් නැද්ද ජිමිනා."
"සහතික ඇත්ත ටේ.පුලුවන්නම් දැන් උඩ ඉන්න යේහාට අඩුම ඒත්තු ගන්නලවත් එනවා ආදරේ කරනවා කියලා.ඒකවත් කරයිද දන්නෙ නෑ.🤣🤣🤣🤣🤣 "
"මටනෙ නේද තමුසෙල දෙන්න හිනා වෙන්නෙ.ඔහොම ඉන්නවකො මන් මගෙයි යේහාගෙයි දුවල දෙන්නව උබල දෙන්නගෙ පුතාල දෙන්නටමයි බන්දවන්නෙ."
ජන්කුක් එහෙම කිව්වෙ ලැජ්ජාවටත් එක්ක.ඇත්තම කිව්වොත් ජිමින් මැරි කරා.මැරි කරලා මාස දෙකයි.කොල්ල අප්ප කෙනෙකුත් වෙලා දැන්.ජිමින්නම් කියන්නෙ කොල්ලෙක් කියලා හම්බවෙන්න ඉන්නෙ.
"අම්මෝ එපා බන්.උබගෙ දුවලත් උබ වගේම ඉදී.අපේ පුතාල දෙන්න පව්.තමුසෙ දැනටමත් අපිට දෙන වදේ හොදටම ඇති .අනේ එපා බන්.අපි දෙන්න උබට හොද බෑණල දෙන්නෙක් හොයලා දෙන්නම් නැද්ද ටේ."
"අපෝ ඔව් ජන්කුක් .මේ ජිමිනට කපු කම් හොදට පුලුවන් .ඒ විතරක් නෙමේ අනිත් දේවල්.වෙච්ච දෙයින්ම පේනවනේ.මට අවුරුදු දෙකක් ගියා අප්පා කෙනෙක් වෙන්නෙ .මේක බැදලා මාස හයක්වත් ගියෙ නෑ.🤣🤣🤣🤣 "
"නෑ නෑ උබල දෙන්නගෙ පුතාලවමයි මන් බන්දවන්නෙ.කොල්ලො දෙන්නව අල්ලගන්න හැටි මන් කෙල්ලො දෙන්නට කියලා දෙනවා.ඕන්නම් පුතෙකුත් හදනවා."
"හාකො.ඊට කලින් අපි කිව්ව වැඩේ කරන්නකෝ.යේහා සාරාගෙ රූම් එකේ ඇති .පුලුවන්නම් ගිහින් කෙල්ලට කියන්න ඒක.කොල්ලා චැලේන්ජ් එක බාරගන්න බයයිනේ පරදින්න වෙයි කියලා.🤣🤣🤣 "
YOU ARE READING
❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )
Fanfictionකතාවක් තියෙනවනේ තමන්ගෙ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ කියලා.මොන දේ වුනත් ඒ ආදරේ කොයිවෙලේ හරි ආයෙ එලියට එනවා. "තමන්ගෙ පලවෙනි වගේම එකම ආදරෙත් තමන් ඉස්සරහ තමන්ගෙ හොදම යාලුවට ආදරෙයි කිව්වම මොන වගේ වේදනාවක් හිතට දැණුනත් මන් ඒ හැමදෙයක්ම අමතක කරා.මොකද එයා ආදරේ...
