" මන් දැන් ගියොත් හොදයි.දැන් ඔයාටත් ප්රශ්නයක් නෑනේ.ජන්කුක් මන් එහෙනම් ගිහින් එන්නම්.ආ යේහා දියාවයි බබාවයි මතක් කරා කියන්න."
ජින් එහෙම කියලා හිනා වෙලා එතනින් යන්න ගියාට පස්සෙ යේහා ජන්කුක් දෙන්නට දෙන්න මූණවල් බලාගත්තෙ ජින් කිව්ව දේ තේරුම් ගන්න වගේ.දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ.මුලින්ම නිහැඩියාව බින්දෙ ජන්කුක් .
"ගෙදර යන්න ඕනෙ නැද්ද ? ඔතනට වෙලා හිටගෙන ඉන්නෙ නැතුව එන්න."
ජන්කුක් එහෙම කියලා තමන්ගෙ කෝට් එකත් අරන් යන්න හදද්දි යේහා ජන්කුක්ගෙ අතින් ඇල්ලුවා.
"ජින් ඔප්පා කිව්වෙ ඔන්නිට දුවෙක් ඉන්නවා කියලද ? "
"හ්ම්."
"ඒත් ඔන්නි කොහොමද ? මන් දන්න තරමින් ඔන්නිට දුවෙක් ඉන්න විදිහක් නෑ."
"ඔයා ඕක මගෙන් අහලා වැඩක් නෑනේ ."
"මන් ඔන්නිගෙන් අහන්න ඕනේ."
යේහා එහෙම කියලා ජන්කුක්ගෙ අත අත ඇරලා දුවන්න හදනවත් එක්කම ජන්කුක් ආයෙත් යේහාව ඇදල ගත්තා.ජන්කුක් තමන්ව ඇදල ගත්ත නිසා යේහා ජන්කුක් දිහා බැලුවෙ ඇයි කියලා අහන්න වගේ.
"වේ ? "
"මොලයක් කියලා දෙයක් නැද්ද මැට්ටියේ."
ජන්කුක් එහෙම ඇහුවෙ යේහාගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන්.
"ඔහොම එකපාරටම දියා ලගට ගිහින් අහනවද ඔන්නි ඔයාට දුවෙක් ඉන්නවද කියලා.ජින් හ්යුන් කිව්ව තමා එහෙම කතාවක්.එහෙම කිව්ව කියලා හරියටම දන්නෙ නැතුව එහෙම අහනවද ? දියාගෙන් අහන්න කලින් හරියටම දැනගෙන ඉන්න.සාරාගෙන් හරි කාගෙන් හරි අහන්න.හොදම යාලුව නොදන්නව වෙන්න බෑනේ.දැන් මන් මේක කිව්ව කියලා දුවන්න ලෑස්ති වෙන්න එපා.දැන් මාත් එක්ක ගෙදර යන්න එනවා.මුලින් රෙස්ට් කරල ඉන්න.තමන් ගැනවත් හරියට බලාගන්න දන්නෙ නෑ.අමාරුවක් තියෙනවනම් කියන්න දැනගන්න ඕනේ.වෙන දේවල් වලටනම් කට තියෙනවා .දැන් ඔක්කොටම කලින් ගෙදර යන්න එනවා.නැත්තන් ගෙදර මිනිස්සු අපි ගැන වැරදියට හිතයි"
ජන්කුක් එහෙම කියලා කැබින් එලියට ගියාට පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්දම යේහාත් ජන්කුක්ගෙ පස්සෙන් එලියට ගියා.ජන්කුක් යේහා එක්ක ගෙදර යනකොට ගේ ඉස්සරහ කාර් එකක් නවත්තලා තිබ්බා.
BẠN ĐANG ĐỌC
❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )
Fanfictionකතාවක් තියෙනවනේ තමන්ගෙ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ කියලා.මොන දේ වුනත් ඒ ආදරේ කොයිවෙලේ හරි ආයෙ එලියට එනවා. "තමන්ගෙ පලවෙනි වගේම එකම ආදරෙත් තමන් ඉස්සරහ තමන්ගෙ හොදම යාලුවට ආදරෙයි කිව්වම මොන වගේ වේදනාවක් හිතට දැණුනත් මන් ඒ හැමදෙයක්ම අමතක කරා.මොකද එයා ආදරේ...
