Jimin pov
" එතකොට ඔයා මගේ නිත්‍යානුකූල භාරකාරයා කියන එකෙනුත් මම ඔයයි, ඔයාගේ පුතාලයි එක්ක ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ කියන එකෙනුත් ඔයා මොකක්ද අදහස් කරන්නේ " මම ඇහුවා.
මම හිටියේ මම රැකියාව කරන සමාජ ශාලාවේ පෞද්ගලික කාමරේක කවුච් එකක ඉදගෙන. මම හිතන්නේ, මගේ නිත්‍යානුකූල භාරකාරයා හමුවෙන්න හොදම තැන මේක නෙවෙයි. එයත් මම හිතන දේම හිතනවා වෙන්න ඕනේ. මොකද මට පෙනුනා, එයා මෙතන ඉන්නේ යම් අපහසුතාවයකින් වගේ කියලා .
" ඔව් ජිමින් , මම දන්නවා ඔයා ඔයාගේ තාත්තාව කවදාවත් දැනගෙන හිටියේ නැහැ කියලා . ඒත් එයා මගේ හොදම යාලුවා ඒ වගේම මගේ ව්‍යාපාරික සඟයා. එයා මාව ඔයාගේ නිත්‍යානුකූල භාරකාරයා විදිහට නම් කරලා තියනවා . " මිස්ටර් ජියොන් කිව්වා. " මම ඔයා ගැන කලින්ම බැලුවෙ නැති එකට සමාවෙන්න . ඔයාගේ තාත්තගේ මරණය නිසා මට සමාගමේ ගොඩාක් වැඩ කටයුතු ගැන බලන්න සිද්ධ උනා. "
" හොදයි මිස්ට ජියොන්... මම නපුරු වෙනවා කියලා හිතන්න එපා ඒත් මම මගේ තාත්තව කවදාවත් දැකලා නැහැ. ඉතින් මම කොහොමද දන්නේ ඔයා මට ඇත්තටම ඇත්ත කියනවද කියලා " මම ඔහුගෙන් ඇහුවා. මගේ තාත්තා ගැන මම දන්න එකම දේ එයාගේ අන්තිම නම පාර්ක් කියන එකත් , මගේ අම්මා එයා එක්ක එක රැයක් ගත කළ එක මාව ඉපදෙන්න හේතුවක් උනා කියන එකත් විතරයි .
" මම අදහස් කලේ මම දන්නවා එයාගේ නමේ අන්තිම පාර්ක් කියන එක. ඒත් ඒ අන්තිම නමම තියන ගොඩාක් අය ඉන්නවනේ. "
" මම ඔයාව හොයාගත්තේ ඔයාගේ අම්මා ඔයාගේ තාත්තට එවපු ලියුමකින්. එයා ඒක ලියලා තිබ්බේ ඔයාගේ තාත්තට ඔයා ගැන කියන්න . ඒ වගේම එයා නැති වෙන්න කලින් ඔයාව හොයා ගන්න කියලා තාත්තගෙන් අහලා තිබුණා. එයාට ලොකු කාලයක් නෑ කියලා ඔයාගේ අම්මා හරියටම දැනගෙන ඉන්න ඇති. " මිස්ටර් ජියොන් කිව්වා.
" ඔයාගේ අහිමි වීමට මගේ කනගාටුව පිළිගන්න. ඔයා ඔයාගේ තාත්තව දැනගෙන නොහිටියා උනත් ඉතා පුංචි කාලයක් ඇතුලත ඔයාගේ දෙමව්පියන් දෙන්නම අහිමි වෙච්ච එක ඔයාට අමාරු කාලයක් උදා කරන්න ඇති "
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...