පස්වෙනි පරිච්ඡේදය

703 177 18
                                    

ඊලග දවසේ කනලග වැදුණු එලාම් සද්දෙට මාව ඇහැරුනා. මට මිනිත්තුවක් විතර ගියා හරි සිහියට එන්න. මම හරියමටම ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න. මම ඉන්නේ ජියොන් මන්දිරේ මගේ අලුත් නිදන කාමරේ .... වාහ් ....

මේ නිදන කාමරය කලින් මම හිටපු අපාට්මන්ට් එකේ නිදන කාමරයට වඩා ගොඩාක් ලොකුයි . මටම කියලා රූපවාහිනී යන්ත්‍රයකුත් තිබුණා. එතකොට පෞද්ගලික නාන කාමරයක්, බාත් ටබ් එකක් ශවර් එකක් එක්ක.

තව පට්ට විශාල ක්ලොසෙට් එකක්. හැබැයි ඒකේ දාන්න කියලා මෙලෝ ඇදුමක් මං ලග තිබුනෙ නැහැ. මිස්ටර් ජියොන් කිව්වා මේ සතියේ මට ඕනේ ඇදුම් පැළදුම් අර ගන්න ශොපින් කරන්න යන්න කියලා .

අද සදුදා. ඒ කියන්නෙ අද අලුත් ඉස්කෝලේ පලවෙනි දවස. මම ඇත්තටම ඒකට ලෑස්ති නැහැ. කලින් නම් ගියේ රජයේ පාසලකටනේ.  ඒත් ජියොන් පවුල ඒ වගේ ඒවට යන්නැ. ඒ කියන්නෙ මේක පෞද්ගලික පාසලක්.

කලින් නම් ඉස්කොලේ වෙලාවෙන් පස්සෙ හැමදාම මට වැඩ කරන්න තිබුණ නිසා යාළුවෝ  හදාගන්න වෙලාවක් තිබ්බෙම නැති තරම්. දැන් මට ඕනෙවටත් වඩා වෙලාව තියෙයි.මොකද මිස්ටර් ජියොන් මගේ පාසල් වැඩකටයුතු වල හැම වියදමක්ම දරනවා. ඒත් ඕකේ ඉන්න අනිත් ලමයි මට කැමති වෙයිද කවුද දන්නේ. මට ඒ ගැන නම් ලොකු විශ්වාසයක් නැ

මම දන්නැ එයාලා මං ගැන කොච්චර දේවල් දැනටම දන්නවද කියලා . හැබැයි එයාලා මම පෝසත් ලමයෙක් නෙවෙයි කියලා  අනිවාර්යයෙන්ම කියයි . මම මට ඕන විදිහට අදින්නෙ නැහැ. අනික ම⁣ගේ කොණ්ඩේ මේ වෙලාවේ බ්ලොන්ඩඩ් පාටයි. ඒකෙන් අනිවාර්යයෙන් මාව කැපිලා පෙනෙයි.

දැන් ඉතින් දුක සේ මේ ශෝයි ඇදෙන් නැගිටින්න වෙනවා. නැත්නම් පලවෙනි දවසෙම මට පරක්කු වෙයි.

ඒ හින්දා මම ඇදෙන් බිමට පැනලා , ශවර් එකක් දාගෙන ඉස්කොලේ යන්න ලෑස්ති උනා.


Jungkook pov

මම තාම ඊයේ දවස ගැන කේන්තියෙන් ඉන්නේ . ඒ කේන්තිය එහෙම්ම තියාගෙන මම කාමරේ ඇතුලටම වෙලා හිටියා. ජිමින් එක්ක කතාවට ගියේ නැ.

ඉතින් මම දැන් ඉන්නේ එයාගේ කාමරේ ඉස්සරහා . එයා දැනගන්න එපැයි මම එයාට කැමති නැ කියලා . මම ආවේ ඒක එයාට කියලා යන්න.

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Where stories live. Discover now