විසිතුන්වෙනි පරිච්ඡේදය

602 142 31
                                    

මම නිදහසේ ඇහැරුනා. ⁣සාමාන්‍යයෙන් හොරර් මුවීස් බැලුවට පස්සෙ දවසේ මම හීනෙන් බය වෙනවා. හරියට nightmares පේනවා. ඒත් අද එහෙම නෑ. හරිම සනිප නින්දක් ඒක...

හොද ඈනුමකට පස්සෙ මම හැදුවේ ඇදෙන් නැගිටින්න උනාට කාගේ හරි ශක්තිමත් අතක් මගේ ඉන වටේ එතිලා තිබුනා වගේම මගේ සම්පූර්ණ ඇගම තිබුනෙ කාගේ හරි සොෆ්ට් පපුවකට හේත්තු වෙලා.....

ජන්ග්කුක් ..... ජන්ග්කුක් මගේ ඇදේ මාව බැක් හග් කරගෙන ඉන්නවා .... මාව හග් කරගෙන.... මම නිදාගෙන තියෙන්නෙ එතකොට එයාට තුරුළු වෙලා . නරක හීන මුකුත් නැතුව... එතකොට ..... එතකොට .....

කෝමද මේම උනේ ? ඊයේ රැ ගැන මම මතක් කරගන්න උත්සාහ කරා... ආයිශ් .... ඊයේ රෑ මොකද උනේ...

මම ඉතින් චුට්ටක් එයාගේ පපුවේ මූණ හංගගත්තා තමයි ... ඒ අර මල විකාර යක්ෂ හොල්මනට බය හින්දනේ. එහෙම්ම මම නින්ද යන්න ඇති. ඒත්... ඇත්තටම මට ඒක එහෙම්ම නොකර ඉන්නත් තිබ්බා. මම හොරර් මුවී බැලුවොත් බැරිවෙලාවත් වැරදිලාවත් හැමදාම ජන්ග්කුක් හිටියේ නෑනේ මාත් එක්ක. වෙනදා වගේම මට තිබුනනේ කොට්ටයක් අරන් මූණ වහගන්න.

මම මොකටද ජන්ග්කුක්ගේ අස්සේ රිංගුවේ... හහ්.. හරි ඉතින් මට හම්බවෙච්ච අවස්ථාවෙන් මම චුට්ටක් ප්‍රයෝජන ගත්තා . මොකද ඒ ජොන් ජන්ග්කුක් ..... එයා හැන්ඩ්සම් අෑස් හෙල්...

ඒත් එයාට මාව ඇහැරවලා මට නිදාගන්න කියලා යන්න තිබුනා. ඇයි එයා එහෙම නොකර මාත් එක්කම නිදාගන්න තීරණය කරේ.

එයා ඇත්තටම මං ගැන කෙයා කරනවද . නෑ වෙන්න බැ. ඒක මහා මෝඩ කතාවක්. එහෙම වෙන්න කොහෙත්ම විදිහක් නෑ. මට එහෙම හිතන්න ඕනෙ උනත් ඒක කවදාවත් ඇත්තටම ඇත්තක් වෙන්නෙ නෑ.

අනික ජන්ග්කුක් කරන්නෙ මේ දවස් වල මගෙ බෝයිෆ්‍රෙන්ඩ් වගෙ රඟපාන එකනෙ. එයා එහෙම කරන්නේ එයාට එහෙම කරන්න කියලා බල කරපු නිසා විතරයි

මම හිමිට ජන්ග්කුක්ගේ අත අරගෙන පැත්තකට කරලා ඇදෙන් බිමට බැස්සෙ එයාව ඇහැරවන්නෙ නැතිව.

එයා චුට්ටක් විතර එහෙ මෙහෙ උනත් ඒකෙන් එයාව ඇහැරුනෙ නැහැ. අද අපි දෙන්නම ඉස්කෝලේ යන්නත් ඕනෙ. එතකොට මම හරිනම් එයාව මෙහෙම්ම ඇහැරවන්න ඕනෙ ද

𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ) Wo Geschichten leben. Entdecke jetzt