අද සෙනසුරාදා ....
අපි ... මම කියන්නෙ ජන්ග්කුක් සහා ජිමින් වන මේ මම කිස් කරලා දැන් දවස් පහක්....
මේ මුළු කාලය පුරාම මම ජන්ග්කුක්ව ගනන් ගත්තෙ නැහැ. සම්පුර්ණයෙන්ම එයාව ignore කරා. මගේ වාසනාවකටද මන්දා ජන්ග්කුක්ගෙ පැත්තෙනුත් උනේ ඒකමයි ....
සදුදගෙන් පස්සෙත් කිසිම විශේෂ දෙයක් සිද්ධ උනේ නැහැ. හොබී ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මං එක්ක කතාවට ආවෙ නැහැ පුරුදු විදිහටම. එතකොට ගෙදර තත්ත්වෙනම් ඊට වඩා ඇත්තටම හොදට තිබුණා. නම්ජුන් මට හෝම්වර්ක් වලට උදව් කරා. යුන්ගි මං එක්ක ටික ටික කතා කරන්න පටන් අරගත්තා. එයා පියානෝ ප්ලේ කරද්දි මම අහන් හිටියා. එයා කිව්වා මට පියානෝ ප්ලේ කරන්න ඉගෙනගන්න කැමතියි නම් එයා මට ඒක උගන්නන්නම් කියලා . ඉතින් මම ඒ ගැන හිතමින් ඉන්නේ... සමහර විට පියානෝ ප්ලේ කරන්න ඉගෙන ගන්න එක රසවත් දෙයක් වේවී....
එතකොට මමයි ටේහිය්යුනුයි ගත්තොත්... අපි ඇත්තටම හොදම යාළුවෝ කියලා මට හිතෙනවා.. ඊයේ රැත් අපි දෙන්නා මූවී නයිට් එකක් තිබ්බා. ඒක ඉවර උනේ ඇඳ පුරාවට පොප්කෝන් හලාගෙන. මොකද ටේ මොකක් හරි ෆනී දෙයක් හොයාගත්ත ගමන් හිනාවෙන්න පටන් ගත්තම මුළු ඇගෙන්ම හිනාවෙනවා. එතකොට එයාගෙ අතේ තියන පොප්කෝන් බෝල් එක උඩ යනවා. එතකොට පොප්කෝන් පාවෙන්න ගන්නවා.
ටේහිය්‍යුන් ඉස්කෝලෙදිත් මං එක්ක කතා කරා උනාට කෑම ගන්නකොටනම් ඉස්සර වගේම තමයි. එයා හිටියේ එයාලා ඔක්කොම ඉන්න තැන . මම හිටියේ හොබී එක්ක.
ටේ මට කීප වතාවක්ම එයාලා එක්ක කන්න එන්න කියලා කිව්වා උනත් මම ඒක ප්‍රතික්ෂේප කරා. මට හොබී එක්ක ඉදගෙන කෑම කන එක තමයි හොදම දේ උනේ.. අපි දෙන්නා කෑම වෙලාව සතුටින් ගත කරා.... අනික ජන්ග්කුක් ලග ඉන්න එක මට අපහසුතාවයක් ඇති කරනවා.
එතකොට ඊලගට වැදගත් දේ අපි ටේ ගැන කතා කරාම. එයා ටිකක් හොබී දිහා වැඩියෙන් බලනවා කියලා මට තේරුනා. එතකොට එයා හොබී ගැන චුටී චුටී දේවල් මගෙන් අහන්න තියා ගත්තා. හරියට හොබී කොයි වගේද එයා කැමති මොනවටද වගේ දේවල්.
හොබී ටේට අනික් පැත්තට කැමති වෙයි කියලා නම් ඇත්තටම හිතන්න අමාරුයි . ඇත්තටම එයානෙ මට ටේහිය්‍යුන් ගැන warn කරෙත්. එතකොට ඒ කියන්නේ හොබී හොදටම ටේහිය්යුන්ගේ ගැන දන්නවා කියන එකනේ... ඒ අස්සේ ටේහිය්‍යුන් මේ සතියක කෙල්ලෝ දෙන්නෙක්ටයි තව කොල්ලෙක්ටයි ෆ්ලට් කරනවා මම මගේ ඇස් දෙකටම දැක්කා. එයාවනම් හදන්න බැ. එහෙම ඉන්න කෙනෙක්ට හොබී නම් කීයටවත් කැමති වෙන්නැ කියලා මම දන්නවා ...
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...