Jungkook pov
" හෙට සෙට් වෙමු " මම යාළුවොන්ට සමුදීලා මගේ කාර් එක ලගට ඇවිදගෙන ආවා.
කාර් එකට නැග්ග ගමන් මම කරේ මගේ ෆේවරිට් ආටිස්ට්ගේ මියුසික් ඇල්බම් එක ප්ලේ වෙන්න දාපු එක. අදත් අනික් දවස් වගේම පට්ට බෝරින් දවසක්. ඒ මදිවට අර හේයිලි මගේ මුළු ලන්ච් එකම අවුල් කරලා දැම්මා. ඒ කෙල්ලනම් පුදුම කරදරයක්. මෙච්චර කියලත් මම ඇත්තටම කැමති නෑ කියලා තෙරෙන්නැද්ද මන්දා.
මම කාර් එක ස්ටාට් කරලා චුට්ටක් ඉස්සරහට අරගෙන ගියා. හරියටම ගේට් එක ඉස්සරහා ජිමින් ඉන්නවා මම දැක්කෙ එතකොට . එයා වටකරගෙන කොල්ලෝ තුන්දෙනෙක් හිටගෙන ඉන්න හැටිත්....
මම කාර් එක පැත්තකට කරලා නැවැත්තුවා . එයාලට නෝට් වෙන්නැති වෙන්න මම ඒ පැත්ත දිහා ඇහැ ගහගෙන හිටියා .
එක කොල්ලෙක් ජිමින්ව බිත්තිය දිහාට තල්ලු කරලා දානවා දකිනකොට මට දැනුනේ ලොකු අපහසුතාවයක් වගේ දෙයක්. මම අත් මිටි මොලව ගත්තේ මාවම පාලනය කර ගන්න.
ඒත් මොන මගුලකටද මම ඕවා ගැන හිතන්නේ. මට අදාල නෑනේ. මම එයාට කැමතිත් නැහැ. මම බලන් ඉන්නෙ එයා අපේ ගෙදරින් එලියට දාන වේලාවක් එනකම්. එහෙනම් මම මොන බම්බුවකටද එයාට කරදර වෙන ඒවා ගැන හිතන්නේ ....
මම මගේ ඔලුව දෙපැත්තට ගසලා හරි සිහියට ඇවිත් ආයෙම කාර් එක ස්ටාර්ට් කරගතතේ ගෙදර යන්න හිතාගෙන. මම පුළුවන් තරම් වේගයෙන් එයාලා ඉස්සරහින් මගේ කාර් එක ඩ්‍රයිව් කරේ පුළුවන් ඉක්මනට ජිමින්ගෙ දර්ශනේ මගේ ඔලුවෙන් ඈත් කර ගන්න.
Jimin pov
ඩ්‍රයිවර් මාව ගන්න එනකම් බලන් ඉද්දි කවුරු හරි කෙනෙක් මට කතා කරනවා ඇහුන නිසා මම ඒ පැත්තට අවධානය දුන්නා.
මං දිහාට කොල්ලෝ තුන්දෙනෙක් ඇවිදගෙන ආවා. " ආ.... චූටී බබෝ ඔයා නේද ජියොන්ලා එක්ක ඉන්න බට්ටා " එතනින් කෙනෙක් ඇහුවා.
එයාලා හරි අමුතු භයානක පාටයි.
" තමුසෙලට මොනවද ඕනේ " මම කිව්වේ එයාලව කෙයා කරන්නැති කට හඩක් මවාගෙන. එයාලා එන්නේ හොද දේකට නෙවෙයි කියලා මට ඉවෙන් වගේ දැනුනා.
YOU ARE READING
𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝚝𝚘 𝚝𝚑𝚎 𝚏𝚊𝚖𝚒𝚕𝚢 ( 𝙹𝚒𝚔𝚘𝚘𝚔 )
Fanfictionජිමින් හැදි වැඩුනේ දුප්පත් පවුලක. එයාගේ අම්මා මියගියාට පස්සෙ ජිමින්ට සිද්ධ උනා එයාගේ පොහොසත් නිත්‍යානුකූල භාරකරුවා වුන මිස්ටර් ජියොන් සහා ඔහුගේ පුතුන් හතරදෙනා සමග ජීවත් වෙන්න. ඒත් ඇත්තටම ඒ පවුලට එයාට විවෘත දෑතින් උණුසුම් පිළිගැනීමක් නම් ලැබුනෙ නැහැ...